Colombo Today Local News

මහියංගණයේදී වෑන් රථයක් බසයක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙක් මරුට

මහියංගණය  – බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරිපිටදී අද (17) අලුයම 1.30ට පමණ වෑන් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් 10 දෙනෙක් මියගොස් ඇති බව මහියංගණය පොලිසිය පවසයි.

දියතලාව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරමින් තිබු පුද්ගලික බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති වෑන් රථය බස් රථයේ තුලට ඇඳීගොස් ඇතැයි පොලිසිය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේදී වැන් රථයේ පුද්ගලයින් 12 දෙනෙක් ගමන් කර ඇති අතර සිද්ධියෙන් තුවාල ලබා සිටින අනෙක් දෙදෙනාගේ ද තත්ත්වය බරපතළ බව පොලිසිය සඳහන් කරයි.

මෙම අනතුරෙන් වැඩිහිටි පුද්ගලයින් 7 දෙනෙක් සහ කුඩා ළමුන් තිදෙනෙක් මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ. මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරූ මහියංගණය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

වෑන් රථයේ රියදුරුට නින්ද ගොස් මාර්ගයේ වැරදි මංතීරුවට ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැක කරයි.

Related posts

ආදායම් බලපත්‍ර අලුත් නොකළ වාහනවලට සිදුවන දේ

Admin

ජාතික පාසල්වල ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

colombotoday

එප්පාවල නිවසක දී ද්විත්ව ඝාතනයක්

colombotoday

චෝදනාවට ලක් වෙන්න එපා. ජනපතිගෙන් ඇමතිවරුන්ට අවවාද

colombotoday

සා/පෙළ විභාග අපේක්ෂකයන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

colombotoday

හිටපු ජනපතිගෙන් නික්මයාමට පෙර උතුම් ශාසනික මෙහෙවරක්

colombotoday