World

ලෝකයේ පැවැත්වෙන විශාලතම මැතිවරණය ඉන්දීය මහ මැතිවරණය ඇරඹේ

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය (ලෝක්සභා මැතිවරණය) අද (11) උදෑසන ආරම්භ විය.

පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 543 ක් වෙනුවෙන් නියෝජිතයන් තෝරා ගැනීම වෙනුවෙන්, අදියර 7 ක් යටතේ මැයි 19 වැනිදා තෙක් මැතිවරණය පැවැත්වෙයි. ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවනු ඇත්තේ මැයි 23 වැනිදාය.

ඉන්දියාවේ ප්‍රාන්ත 20 ක් පුරා ඡන්ද කොට්ඨාශ 91 ක ඡන්ද පැවැත්වෙන අතර ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී සිටින ගණන මිලියන 900 කට ආසන්න යැයි පැවැසෙයි.

ඉන්දියාවේ පැවැත්වෙන විශාලම මැතිවරණය පමණක් නොව, ලෝකයේ පැවැත්වෙන විශාලතම මැතිවරණය වන්නේ ද මෙයයි.

2014 වසරේ දී අතිවිශිෂ්ඨ බහුතර බලයකින් බලයට පත් වුණු අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය යළි බලයට ඒමට සූදානමින් සිටී. ඉන්දියාවේ ආරක්ෂාව තහවුරු කිරීම තම ප්‍රමුඛතාව බව භාරතීය ජනතා පක්ෂයේ සටන් පාඨය වී ඇත.

Related posts

තායිවානයේ රික්ටර් මාපක 6.2ක භූ කම්පනයක්

colombotoday

ජපානයේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූකම්පනයක්

Admin

නවසීලන්තයේ තවත් ප්‍රබල භූ කම්පනයක්

colombotoday

ලොව පුරා මුස්ලිම් මිලියන 50ක් ගැන බියකරු අනාවරණයක් !!

colombotoday

දකුණු පිලිපීනයේ භූකම්පනයක්

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් සහ ෆේස්බුක් සමාගම්වලට නඩු පවරයි

colombotoday