Colombo Today Local News

මම ඉන්න තෙක් පුල්මුඬේ ඛණිජවැලි සමාගම විකුණන්නේ නෑ. – ඇමති රිෂාඩ් බදියුදීන්ගෙන් පොරොන්දුවක්.

පුල්මුඩේ ඛණිජ වැලි සමාගම, විදේශ රටවලට විකුණන්න යන බවට අසත්‍ය කතාවක් සමාජ මාධ්‍ය වල පළ වෙනවා. එම ප්‍රචාර වල කිසිදු සත්‍යතාවයක් නැහැ. යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචිකිරීම, සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (08) පුල්මුඩේ ඛනිජවැලි සමාගමේ සේවකයින්ට වාර්ෂික ප්‍රසාද දීමනා ලබාදීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩුදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

පුල්මුඬේ ඛණිජ වැලි කියන්නේ රටේ සම්පතක්. රිෂාඩ් බදියුදීන් විෂය බාර ඇමතිතුමා ඉන්න තෙක් පුල්මුඬේ ඛණිජවැලි සමාගම කිසිවෙකුට විකුණන්නේ නෑ. කියලා මම පොරොන්දු වෙනවා.

පසුගිය දිනවල මෙහි ගොඩගසා තිබෙන වැලි සොරකම් කරනවා කියලත් අපට පැමිනිලි ආවා. ඒ නිසා මේ ඉඩම ආරක්ෂාකරන්න අපේ ආයතනය කටයුතු කලා. මේ අවස්ථාවේදී නොයෙක් ප්‍රශ්න ඇතිවුනා. මේ වගේ අවස්ථාවක ප්‍රදේශවාසීන් සමග ගැටලු ඇති නොකර කටයුතු කිරීමට මෙහි කාර්යය මණ්ඩලය කටයුතු කල යුතුව තිබුනා. මොකද මෙහි සේවය කරන බොහෝ පිරිසක් මේ ප්‍රදේශවලම පදිංචිකරුවන්. ඔවුන්ට මේ ගැටලුව ගැටුමකින් තොරව විසඳාගන්න පුලුවන් කම තිබුනා කියන එකයි මගේ හැඟීම. යැයි වැඩිදුරටත් පැවසුවේය.

Related posts

අත්අඩංගුවට ගෙන තිබු ලොරි රථයේ රෝද හොරකම් කළ පොලිස් කොස්තාපල්

colombotoday

රජය දිගුකාලීන ඛනිජ තෙල් ගිවිසුමකට අත්සන් කරයි

Admin

අටමස්ථානාධිපති හිමියන්ට දුන් අටපිරිකරක ගඩොල් බාගයක්..!

colombotoday

වරාය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹයි

colombotoday

රාජ්‍ය ආයතනවල රැස්වීම් මින්පසු හෝටල්වල බෑ…

colombotoday

හෙළ උරුමය සර්වාගමික වෙයි.. පුංචි ඡන්දෙට දෙමළ, මුස්ලිම් අපේක්ෂකයන් !

colombotoday