Colombo Today Local News

කින්නියා පුරාවිද්‍යා රක්ෂිතයෙන් සෙල්ලිපියක් හමුවේ – පැරණි ආරාමයක නටබුන් සොයා කැණීම් තවදුරටත්

කින්නියා උණුදිය ළිං පුරාවිද්‍යා රක්ෂිතයේ පිළිම ගෙයි කැණීම්වලින්  ක්‍රි. පූ. 3 හා 4 සියවස්වලට අයත් යැයි සැක කරන පූර්ව බ්‍රාහ්මීය අක්ෂර සහිත සෙල්ලිපියක් හමු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

කොටස් තුනකට කැඩි ඇති මෙම සෙල්ලිපියේ එක් කොටසක් පුරාවිද්‍යා විද්‍යා භූමියට අයත් සීමාවට පිටතින්  සොයාගෙන ඇත. ඉතිරි කොටස් පිළිම ගෙය අතර තිබී සොයාගත් බව ප්‍රාදේශීය පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්. එච්. ඒ. සුමනදාස මහතා පැවසීය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සෙල්ලිපි අංශයට මෙම සෙල්ලිපිය පිටපත් කර යොමු කිරීමෙන් පසු එයින් ප්‍රකාශ වන්නේ රජ කෙනෙකු ඉදිකළ කූර වැව, මරුද වැව, කලා වැව, පාල වැව යන වැව්වලින් ලැබෙන දිය බද්ද මෙම ස්ථානයේ සංඝයා වෙත පූජා කළ බවයි.

දැනට ඒ අසළ කැණීම් කර ඇති දාගැබ හා කැණීම් කරමින් සිටින පිළිමගෙයට අමතරව උණුදිය ළිං අතර සංඝයා වහන්සේලාගේ ආරාමයක් තිබූ බව සාක්ෂි සහිතව තහවුරු වන බවත් මෙම ආරාමය සොයා කැණීම් කරන බවත් සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

මෙරට ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නවා

colombotoday

ආබාධිත වූ රණවිරුවන්ගේ වැටුපටත් බදු ගහලා

Admin

දංකොටුවේ නිවසක් තුල කාන්තාවක් ඝාතනය කරයි

Admin

බන්ධනාගාරයට කලිසම් වාටියක සඟවා මත්කුඩු ගෙන යෑමට තැත්කළ එක්දරු මවක් අත්අඩංගුවට

colombotoday

ගුරුත්වාකර්ෂණයට හසු නොවී වැඩ සිටින මියන්මාරයේ අසිරිමත් රන්ගිරි සෑය !

colombotoday

ධීවර කැබිනට් ඇමති සහ රාජ්‍ය ඇමති එළිපිට ගැටෙයි.. “වෙදආරච්චිව සත පහකට විශ්වාස නෑ” – මහින්ද කියයි

colombotoday