Colombo Today Local News

වසර 4ක් ඇතුළත 200%ක බදු වැඩිවීමක්…. ලංකාවට වැගන් ආර් රථ ගෙන්වීම නවතයි…

ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථය වන වැගන් ආර් (wagon r) මින් ඉදිරියට ආනයනය නොකිරීමට තීරණය කළ බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි

එහි සභාපති සම්පත් මෙරිංචිගේ මහතා කියා සිටියේ 2019 අයවැයෙන් රථ වාහන සඳහා වන බදු ඉහළ දමා ඇති මොහොතක වැගන් ආර් රථ ආනයනය නතර කිරීම නිසා මෙරට රථ වාහන කර්මාන්තය කඩා වැටෙනු ඇති බවයි.

ඔහු එම අදහස් පළ කළේ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය කොළඹදී ඊයේ (27) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

ජපානයෙන් මේ වන විට වැගන් ආර් රථ 55,000කට අධික සංඛ්‍යාවක් ආනයනය කර ඇති බවත් ඉන් 50,000කට අධික ප්‍රමාණයක් හයිබ්‍රිඩ් රථ ලෙස සලකා රේගුවෙන් නිෂ්කාශනය කර ඇති බවත් මෙරිංචිගේ පවසා සිටියා. එහෙත් රේගුව විසින් වැගන් ආර් රථ පෙට්රල් වාහන ලෙස සලකා රථ සියල්ල නිෂ්කාශනය කිරීම නිසා රුපියල් 1,25,000ක අමතර බද්දක් ගෙවීමට සිදුවන බවද ඔහු කියා සිටියා.

ඒ අනුව වැගන් ආර් රථයකින් රුපියල් 16,25,000 බදු අය කරන බවද එම බද්ද මීට වසර 04කට පෙර පැවැතියේ රුපියල් 8,25,000 ප්‍රමාණයකට බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Related posts

තවත් ප්‍රදේශ 12ක් හුදකලා කෙරේ

colombotoday

අතේ පත්තුවූ සිංහරාජයේ ජාන කොල්ලය – ස්ලෝවැකියානුවන් පස්දෙනෙක් රිමාන්ඩ්

colombotoday

ජයම්පතී වික්‍රමරත්න ද්‍රවිඩ සන්ධානයේ කාමරයට වී හැදූ බියකරු ලියවිල්ල

colombotoday

බටහිර පර්යන්තය ආයෝජකයින් සමග එක්ව සංවර්ධනය කරනවා – වරාය ඇමති කියයි

colombotoday

බේකරි නිෂ්පාදනවල මිල වැඩිකරන්න තීරණයක්

Admin

යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප බිරියන්ටත් දෙන්න තීරණයක් !

colombotoday