මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සදහා ශ්‍රි ලංකා
ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයකින් ඉහල අහසේ වලාකුළු මත රසායනික
ද්‍රව්‍යය ඉසිමෙන් අනතුරුව එම ජල පෝෂක ප්‍රදේශවලට අද (22) පස්වරු 1 සිට
1.45 දක්වා වර්ෂාවක් පතිත විය.
අද උදැසන 11 ට පමණ ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයකින් මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ අඩි 8000 ක් වු ඉහල අහසේ වලාකුළු මත රසායනික ද්‍රව්‍යයක් මුදා හැරිමෙන් පසුවයි එම ජල පෝෂක ප්‍රදේශයට වර්ෂාව පතිත විය.
ගුවන් හමුදාවේ වයි12 ගුවන් යානය විනාඩි 45 පමණ කාලයක් මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ ඉහල අහස්ගැබේ වලකුළු මත පියසර කරමින් රසායනික ද්‍රව්‍යය වලාකුළු මත මුදා හරිනු ලැබීය.
ඉදිරි දින කිහිපයේදිත් කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සදහා ගුවන් මගින් වලාකුළු මත රසායනික ද්‍රව්‍යය මුදා හැරිමට කටයුතු කරන බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.