Colombo Today Sports News

ශ්‍රී ලංකා – ද. අප්‍රිකා 20යි 20 තරගය අද රෑ 9. 30ට

තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර මේ දක්වා පන්දුවාර 20යි 20 තරග 10 ක් පවත්වා ඇති අතර ඉන් තරග 5 බැගින් කණ්ඩායම් දෙකම ජයගෙන තිබේ.

අවසන් වරට පසුගිය 2018 වසරේදී දකුණු අප්‍රිකාවත් සමග පැවැති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කන්ඩායම කඩුලු 3 කින් ජය ගත්තේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට දකුණු අප්‍රිකාවේදී පන්දුවාර 20යි 20 තරගයකට සහභාගී වූයේ පසුගිය 2016/17 වසරේදීයී.

තරග 3 කින් සමන්විත වූ එම තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීඹට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

අද තරගය පැවැත්වෙන කේප්ටවුන් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20යි 20 තරග දෙකකට සහභාගී වී ඇති අතර ඉන් එක් තරගයක් 2007 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 10 කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

අනෙක් තරගය දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති අතර එම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ කඩුලු 5 කිනි.

රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9. 30 ට ආරම්භ වීමට නියමිතයි.

Related posts

ක්‍රිකට් අතුරුකමිටු ලේකම්ගේ කුමන්ත්‍රණයට ඇමති දයාසිරි හරහට

colombotoday

සැහැල්ලු ක්‍රිකට් ගොඩගන්න ප්‍රබලයෙකු මුල් පුටුවට

colombotoday

දෙවන T20 තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් උදුරා ගනී

colombotoday

සචින් ටෙන්ඩුල්කාර් රෝහල්ගත කරයි

colombotoday

LPL නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර

colombotoday

පිතිකරුවන්ගේ බියකරු සිහිනය වනිඳු හසරංග – ICCයෙන් වීඩියෝවක් එළියට

Admin