Colombo Today Local News

අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රාදේශීය දේශපාලකයන්ට දොස්

ඇතැම් ප්‍රදේශවල පාසල් දරුවන් පොල්අතු සෙවිළි කළ අඩු පහසුකම් සහිත ස්ථාන වල අධ්‍යාපනය ලබන කනගාටුදායක අවස්ථා තමන්ට වාර්තා වි ඇති බවත් එවැනි සිදුවීම් වලට පළාත් දේශපාලඥයින් සෘජුවම වගකිව යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කළේය.

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය හරහා අධ්‍යාපන අමාත්‍යාංශය දිවයින පුරා අඩු පහසුකම් සහිත පාසල් අංග සම්පූර්ණ පාසල් බවට පත් කිරීම වෙනුවෙන් ක්‍රියා කර ඇති බවත් ඒ සඳහා පාසල් තෝරා ගැනීමේ දී පිළිගත් නිර්නායක මත පදනම්ව එම කටයුතු සිදුකල යුතු බවත් සිහිපත් කල අමාත්‍යවරයා ඇතැම් අවස්ථාවල පළාත් දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් නිර්නායක කඩ කරමින් කටයුතු කිරීම මගින් මෙවැනි ගැටලු නිර්මාණය වීම කණගාටුදායක තත්වයක් බවත් සඳහන් කරයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාළ පළාත් අධ්‍යාපන අධයක්ෂකවරුන්ගෙන් වාර්තා කැඳවා ඇති බවත් එවැනි සිදුවීම් සඳහා ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන බව ද කාරියවසම් මහතා අවධාරණය කරයි.

Related posts

සමෘද්ධී බැංකුව, මහබැංකුව යටතට පැවරීම නීති විරෝධීයි… අගමැතිට බලයක් නෑ…

colombotoday

බැදුම්කර පගාව 118දෙනා හෙළි නොකළොත් ජනපති කාර්යාලය වැටලීමට සූදානම්

colombotoday

කෝඩුකාර මංත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙයි, දෙන්නත් බෑම කියයි

Admin

දකුණු ලංගමයේ දෛනික ආදායම ලක්ෂ 6කින් ඉහළ යයි

colombotoday

රනිල්ගේ කට බොරු කීවත් සුමන්තිරන්ගේ දිව බොරු නොකියයි… අලුත් ව්‍යවස්ථාවෙන් රට ෆෙඩරල් කරන හැටි කියයි…

colombotoday

ඔඩ්ඩුසුඩාන් කල්ලිය මෙහෙයවන්නේ ප්‍රංශ කොටියෙක්‌

colombotoday