Colombo Today Local News

කාන්තාවන් ගෘහ සේවයට යනවාට මා විරුද්ධයි – ජනපති

ශ‍්‍රී ලාංකික කාන්තාවන් විදේශ ගෘහ සේවයට යැවීම පිළිබඳ තමා පෞද්ගලිකව විරුද්ධ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. (08) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගනයේ පැවැති් සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

“ලෝකයේ රටවල් වල සේවය කරනවා ගෘහ සේවකයින් ලෙස ලක්ෂ 15ක් පමණ යෙදී සිටිනවා.

ශ්‍රී ලාංකිකයින් ලෝකයේ විවිධ කේෂ්ත්‍රවල රැකියා කරන පිරිස ලක්ෂ 22ක් පමණ සිටිනවා. ඔවුන්ගේ ජිවිත සැපවත්ද? විදෙස් රටවල සේවය කරන කාන්තාවන් සුරක්ෂිතව සිටිනවාද..?

මම දන්නා විදිහට නම් එහෙම නැහැ. මම පුද්ගලිකව ශ්‍රී ලාංකික කතුන් ගෘහ සේවයට යැවීමට අකමැති. නමුත් මේ රටේ විදේශ විනිමය ගේන මුලිකම දේ වෙලා තියෙන්නේ ගෘහ සේවයෙන් ලැබෙන මුදල්. මේ රටේ ධනේෂ්වර පන්තියේ පුද්ගලයින් වගේම රජයේ උසස් නිලතල දරන පුද්ගලයින් සුරසැප විදින්නේ යාන වාහන වල ගමන් කරන්නේ මේ ගෘහ සේවිකාවන් හම්බ කරලා එවන සල්ලි වලින් යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

Related posts

“අන්තවාදීන්ගේ සහය අපට එපා” – තවත් කුමන්ත්‍රණයක් හාන්සියි

colombotoday

සැප්තැම්බර් 08 සිට පාසල් යළි සුපුරුදු වේලාවන්ට

colombotoday

මංතිරු නීති කඩන රියදුරන්ට වෙන දේ

colombotoday

කරුණා අම්මාන් සිදුකළ ප්‍රකාශයට එරෙහිව පැමිණිලි 2ක්

colombotoday

හිර බතත් බරක් වෙයි

colombotoday

විමල්ගේ පක්ෂයේ ලේකම් ඉල්ලා අස්වෙයි !

colombotoday