Colombo Today Local News

අත්අඩංගුවට ගත් සියලු මත්ද්‍රව්‍ය තොග අප්‍රේල් 01 වැනි දා විනාශ කරනවා

මෙතෙක් අත්අඩංගුවට ගත් සියලු නීති විරෝධි මත්ද්‍රව්‍ය අප්‍රේල් 01 වැනි දා විනාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, විනිසුරුවරුන් හා පොලිස් නිලධාරීන් ඉදිරියේදී කටුනායකදී එම මත්ද්‍රව්‍ය විනාශ කෙරෙන බවයි.

එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකෙන බවට රටම එක් ව අප්‍රේල් 03 වැනි දා – බක්මහ දිවුරුම – නමින් වැඩ සටහනක් සංවිධානය කෙරෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ, එදින පෙරවරු 8.00 ට කොළඹ නිදහස් චතුරඝ්‍රයට සියලු මැති ඇමතිවරුන්ට හා පක්ෂ නායකයින්ට ආරාධනා කරන බවයි.

Related posts

සිසුන් 200ට වැඩි පාසැල් සතියේ දින පහේම පැවැත්වීමට අවසර

colombotoday

මුස්ලිම් කොළණියක් හදන්න බදියුදීන් මුලතිව් අක්. 1000ක් ඉල්ලයි.. විග්නේෂ්වරන් දෙන්න බෑ කියයි

colombotoday

නිරෝධායන රීති කැඩූ 491ක් අත්අඩංගුවට

colombotoday

“මගේ අවසර නැතිව භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගන්න එපා” – ජනපතිගෙන් නියෝගයක්

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යයි

colombotoday

Breaking News: රාජිත සේනාරත්න ඇප මත නිදහස් කෙරේ

colombotoday