Colombo Today Local News

මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුවෙන් මහින්දට සංදේශයක්

මුස්ලිම් දේශපාලන නායකයින්ගේ වත්මන් ක්‍රියා කලාපය තමන් කිසිසේත් අනුමත නොකරන බව මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුව පවසනවා.

යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුව විසින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදුන් සංදේශයක් මගින් මේ බව ප්‍රකාශ කළා.

විජේරාම පිහිටි ඒ මහතාගේ නිලනිවසේදී මෙම සංදේශය භාරදුන් බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ.

සිංහල ජනතාව අතර 20 වන සංශෝධනය පිළිබඳ කථිකාවක් ආරම්භ වී තිබුණද දෙමළ බස කතා කරන ජනතාව අතර එවැනි කථිකාවක් නොමැති බවයි මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුව ලබාදුන් එම සංදේශයේ දැක්වෙන්නේ.

එමෙන්ම සිංහල මාධ්‍ය තුළ ප්‍රචාරය වන ප්‍රවෘත්ති දෙමළ මාධ්‍යයට පරිවර්තනය වීමේදී හා දෙමළ මාධ්‍යයේ ප්‍රවෘත්ති සිංහල මාධ්‍යයට පරිවර්තනය වීමේදී විශාල වෙනසක් පවතින බවද ඔවුන් පෙන්වා දෙනවා.

එබැවින් නිවැරදි තොරතුරු සාමාන්‍ය ජනතාවට දැනගැනීමට නොහැකි බවයි ඔවුන් එම නිවේදනයෙහි දක්වා ඇත්තේ.

එම එකමුතුව පවසන්නේ මුස්ලිම් නායකයින් පසුගිය දිනවල ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව පවසමින් එකිනෙකාගේ දේශපාලන පක්ෂ වෙනුවෙන් පමණක් පෙනී සිටි බවයි.

මුස්ලිම් දේශපාලන නායකයින් ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නොව තම අමාත්‍ය ධූර රැකගැනීමට පමණක් කටයුතු කරමින් සිටින බවයි ඔවුන් එහි දක්වා තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුව නියෝජනය කරමින් කඳුරට මුස්ලිම් කවුන්සිලය – බදුල්ල, මුස්ලිම් අයිතීන් සුරකීමේ සංවිධානය – කොළඹ, බේරුවල මුස්ලිම් තරුණ සුභසාධන සංගමය – එක්සත් සාම සන්ධානය – කොළඹ, අහමඞ් ෆාරුක් පදනම, කෙයා ශෙයා සන්ධානය සහ මුස්ලිම් හඬ යන සංවිධානවල නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.

Related posts

5,000 දීමනාව යළිත් | ජල බිල්පතේ සහනයක් නෑ

colombotoday

සාම කතා අසාර්ථකයි.. දෙමළ සන්ධානයට එරෙහිව අලුත් පක්ෂයක් එයි !

colombotoday

පළාත් සභා මැතිවරණය එපා – පො.ජ.පෙ.න් යෝජනාවක්

colombotoday

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහළට

colombotoday

වරායේ සේවකයින් ආරම්භ කළ උපවාසය තවදුරටත්

colombotoday

ඉන්දියාවෙ ආරම්භ කර මෙරට බැංකු තුනකට ලැබුණු අනුමැතිය

Admin