Colombo Today Local News

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ විරෝධය නැවතත්.

ශ්‍රී ලංකාව මරණ දඬුවම ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් සිය විරුද්ධත්වය නැවත වරක් ප්‍රකාශ කරන බවත් යුරෝප සංගමය සඳහන් කර තිබේ.

යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සාකච්ඡාව බ්‍රසල්ස්හිදී පැවැති අතර ඒහිදි මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

මරණ දඬුවම නියම වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නැවත වරක් බන්ධනාගාරය තුළ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරණයේ යෙදෙන්නේ නම් ඔවුන්ට විරුද්ධව මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, ප්‍රතිසංන්ධානය, දූෂණයට විරෝධීව සටන් කිරීම, යහපාලනය ඉහළ නැංවීම, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය තවදුරටත් ලබාදීමට යුරෝපා සංගමය එකඟ වී තිබේ.

2017 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවට නැවත GSP ප්ලස් සහනය ලැබීමෙන් පසුව යුරෝ බිලියන 2.2ක අපනයන 2018 මැයි මාසය දක්වා සිදුකර තිබේ.

ජීඑස්පී ප්ලස් සහනය ලබාදීමේදී ශ්‍රී ලංකාව එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාව කරුණු දක්වා ඇත.

එසේම ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව නැවත සළකා බැලීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.

Related posts

සා/පෙළ විභාග අපේක්ෂකයන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

colombotoday

කොවිඩ් නිසා මූල්‍ය ශක්තිය පිරිහුණු රටවල් අතරට ශ්‍රී ලංකාවත්

colombotoday

2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

Admin

අගමැති රනිල් ඉදිරියේදී ඉවත්වේ.. ධුරය වෙනත් අයෙකුට පිරිනැමේ…

colombotoday

තුන්වේල කන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට විතරයි – රනිල්

colombotoday

ලංකාවෙන් පලස්තීනයට ඉඩම් පරිත්‍යාගයක් !

colombotoday