Colombo Today Local News

කොකේන් ගහන කැබිනට් ඇමතිලා ගැන රන්ජන් හෙළිකරයි…

මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේ පූර්ණ වගකීම පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලතීෆ් මහතාට හිමිවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

ඊයේ (11දා) මහනුවර – කුරුණෑගල අධිවේගී මාර්ගයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් එහි ගෞරවය යා යුතු බවත් ඔහු පැවැසීය.

මධූෂ්ව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම වසර එක හමාරක කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ බවත් ඔහු පැවැසීය.

එසේම කොකෙන් පානය කරන කැබිනට් අමාත්‍යවරු පවා සිටින බවත් ඔහු පැවැසීය.

මත්කුඩු ව්‍යාපාරිකයන්  තමන්ට විරුද්ධව නඩු දමා ඇති බවත් මත්කුඩු වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන්ට සමග තමන් ගනුදෙනු නොකරන බවත් ඔහු පැවැසීය.

දේශපාලකයන් මධූෂ් සමග සම්බන්ධ බවත් ඔහු පැවැසීය.

Related posts

අල්ලස් ගනිද්දී කාර්යමණ්ඩල ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ මතය මෙන්න

colombotoday

එට්කා ගිවිසුමේ ප්‍රධාන උපදේශකවරයා, ආචාර්ය සමන් කැලේගම මියයයි !

colombotoday

එජාපෙ ආණ්ඩුවට යන ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඇමතිකම් නෑ – ජනපති දන්වයි

colombotoday

LYCEUM ජාත්‍යන්තර පාසල රජයට පවර ගන්න. | දෙමාපියෝ විරෝධතාවයක

colombotoday

ලක්ෂ 20ක හෙරොයින් සමග සැකකරුවෙකු කාකදූපතදී අත්අඩංගුවට

colombotoday

රුවන්වැල්ලේ ඝාතනයක්

Admin