Colombo Today Local News

සුව ඇමතිගෙන් වෛද්‍ය සංගමයට චෝදනාවක්.

සෞඛ්‍ය සේවයේ පවතින විවිධ සටන් පාඨ හේතුවෙන් මෙරට තරුණ පරම්පරාවේ උසස් අධ්‍යාපනයට බාධා එල්ල වී ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කරයි.

ඒ අනූව කොළඹ පැවති උත්වසයකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් පවතින විකෘති දේශපාලන මත සමඟ ක්‍රියාකිරීමට සිදුව ඇති බවයි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

“විදේශීය රටවල උපාධියක් ලබාගැනීමට තරඟයක් නැහැ. විදේශ රටවල වෛද්‍ය විද්‍යාල, විශ්ව විද්‍යාල අවශ්‍ය තරම් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ඊට වැටබැදලා තිබෙනවා. උසස් අධ්‍යාපනයට සීමා පැනවීමේ සටන් පාඨ ඉදිරිපත් කරනවා.

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය එපා කියලා කෑගහනවා. සියල්ලම පෞද්ගලීකරණය කරනවා කියලා කෑගහනවා. ඒවා බොරු සටන් පාඨ විතරයි. වර්තමානයේ සෞඛ්‍ය සේවාවට වෛද්‍යවරුන් මදි. නමුත් වෛද්‍ය විද්‍යාල හදන්නත් ඉඩ දෙන්නේ නැහැ.

මෙම නිසා තරුණ තරුණියන් පීඩාවට පත් වෙනවා. ඔවුන් බංග්ලාදේශය, නේපාලය වැනි රටවලට ගොස් වෛද්‍ය උපාධිය හදාරනවා. මෙවැනි විකෘති දේශපාලන මතිමතාන්තර තිබෙන රටක් තමයි සංවර්ධනය කිරීමට සිදුව තිබෙන්නේ.

හෙද හෙදියන් සදහා උපාධිය පිරිනැමීමට යෝජනා වූ විට වෛද්‍ය සංගමය විරෝධය පළ කළා. නමුත් හෙද උපාධිය ලබා දීමට අපි තීරණය කරලා වැඩ කටයුතු ආරම්භ කළා. ඊටත් විරෝධය පළ කරනවා. ශ්‍රී ලංකාවේ හොද සංවර්ධන ව්‍යාපෘති වලට විරෝධය පළ කරනවා.

ඔවුන් ඉපදිලා මැරෙනකම් විරෝධය පළ කරලා අවසන් ගමනේ දීත් විරෝධය දක්වනවා. එහෙම කෑගහන්නේ 10% යි. ඒ කෑගහන අය නිසා  රජයන් ප්‍රතිපත්ති වෙනස් කරනවා. ලිංමැඩි න්‍යායෙන් තමයි වෛද්‍ය සංගම් කටයුතු කරන්නේ. තමන්ට වාසි වෙන ඒවා බ්‍රිතාන්‍ය යෙන් ලබාගන්නවා. ලෝකය සමග ගමන් කළ යුතුයි. බොහෝ අංශ ලෝකය සමග ගමන් නොකිරීම නිසා තනිවී සිටිනවා යැයි ද කීය.”

Related posts

ත්‍රීරෝද රථ ගාස්තුත් ඉහළ

colombotoday

“ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් මිල ගණන් ඉහළ දැමීම ආර්ථික අර්බුදයට පිළියමක් නොවේ”

colombotoday

අයිස් තොගයක් සමඟ අංගොඩ කාන්තාවක් STF අත්අඩංගුවට

Admin

බැසිල්ට ඉඩ සලසමින් ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි.

colombotoday

තවත් කොවිඩ් රැල්ලක් ඉතා ආසන්න කාලයක දී ඇති වීමේ දැඩි අවදානමක් – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අගවයි

colombotoday

දකුණු පළාතට විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිය ස්ථාපනය කිරීම: ප්‍රශ්නගත ඉඩම් හිමියාගෙන් එකඟතාවක්

Admin