Colombo Today Local News

මහනුවර නගරයේ රථවාහන තදබදය ආණ්ඩුකාර වරයාගේ අවධානයට


මධ්‍යම පලාත් නව ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා ඊයේ (2019/01/22) උදෑසන මහනුවර නගරයේ පවතින මාර්ග තද බදය පිලිබදව සොයා බැලීම සදහා විශේෂ මාර්ග සංචාරයක නිරත විය. ආණ්ඩුකාරවරයා එහිදි උදෑසන 5.45 ට පමණ ගැටබේ හන්දියේ සිට පා ගමනින් මහනුවර නගරයට ගමන් කළ අතර විශේෂ විමර්ශනයට යොමුවිය යුතු තැන් රැසක් හදුනාගෙන තිබේ. මීට අමතරව බස් රථ හා වෙනත් වාහන නගරයට ඇතුල් වන ආකාරයේ වැරදි රැසක් හදුනාගෙන ඇති අතර ඊට ඒ මොහොතේම කඩිනමින් ක්‍රියා මාර්ග ගැනීමට අදාල නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබීය.ආණ්ඩුකාරවරයා ඉන් පසුව ගුඩ්ෂෙඩ් බස් නැවතුම් පොල වෙත පැමිණි අතර එහි පවතින අඩු පාඩු රැසක්ද සොයා බැලීමට කටයුතු කරන ලදි. මෙහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුකාර වරයා කියා සිටියේ නිලධාරීන් ගේ වැරදි තීරණ හා වැඩ කල් දැමීම නිසා බොහෝමයක් ප්‍රශ්න මහනුවර නගරයේ ඇති වී ඇති බවයි.

තව දුරටත් අදහස් දැක් වූ ගුණරත්න මහතා…

අද රටේ බොහෝ ප්‍රශ්න වලට මුල් වෙලා තියෙන්නෙ තීරණයක් ගැනීමට නිලධාරීන් දක්වන මැලිකම ඔවුන් බොහෝ විට කතා කරන්නෙ කඩිනමින් වැඩ කීරීමට නොවෙයි ඒවා බැහැ නැහැ කියා ප්‍රමාද කිරීමයි ඒ නිසා අපි සුදානම් තීරණයක් අරන් නිලධාරීන්ට වැඩ කරන්න නිදහස දෙන්න. මම නිලධාරීන් අමාරුවෙ දාන්නෙ නෑ මම කියන්නෙ මහජනතාව වෙනුවෙන් හරි දේ කරන්න රටේ නීති තියෙන්නෙ ජනතාව වෙනුවෙන් ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඒ නිසා අපි නීතිය ඒ වෙනුවෙන් පාවිච්චි කරමු යැයිද ආණ්ඩුකාර වරයා එහිදි සදහන් කළේය

Related posts

ප්‍රවීණ ටෙලිනාට්‍ය රංගන ශිල්පි ජී. ආර් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Admin

2021 චීන නොබෙල් ත්‍යාගය මහාචාර්ය මලික් පීරිස්ට

colombotoday

රනිල් අගමැති කිරීමට බහුතරයට හරි – කථානායක ජනපතිට දන්වයි

colombotoday

මහජන සාමය පවත්වාගෙන යෑම හමුදාව යටතට

colombotoday

ජොන්ස්ටන් ගේ අරක්කු සමාගමේ මහා බදු වංචාවක්. යලි ආරම්භ කිරීමට රාජපක්ෂවරුන්ගේ ගුණ වයමින් ඉන්නවා. – ආනන්ද සාගර හිමි

colombotoday

ඇලෝසියස්ගේ ස්කාගාරයේ බලපත්‍රය අහෝසි කරයි

colombotoday