Colombo Today Local News

නීතිය හා සාමය ජනපති යටතේම තබා ගනී…

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතේ ම පවත්වා ගැනීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි වාර්තා සඳහන් කරයි.

මීට පෙර අභ්‍යන්තර කටයුතු, නීතිය හා සාමය පිළිබඳව වෙනම අමාත්‍යංශයක් පැවතුණ ද මෙවර එහි අභ්‍යන්තර කටයුතු යන විෂය පමණක් ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා ඇමැති වජිර අබේවර්ධන මහතාගේ අමත්‍යංශය යටතට පවරා ඇත.

ඒ අනුව පොලිසිය ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශ විෂය පථය යටතේම ගැසට් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

ඔක්තෝබර් 26 වැනි දා ආණ්ඩු මාරුවට පෙර පොලිසිය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අමාත්‍යංශය යටතේ පැවතුණ නමුත් ආණ්ඩු මාරුවත් සමඟ පොලිසිය ජනාධිපතිවරයා යටතට පත්කෙරිණි.

මේ අතර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය ද ජනාධිපතිවරයා යටතේම තවදුරටත් පවත්වනු ඇත.

Related posts

කොළඹ ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන ලෙස දියුණු කිරීමට කැබිනට් අනුමැතිය

Admin

ඩොලරය බසී. දෙමසකට පසු යළිත් රුපියල් 178 සීමාවට !

colombotoday

ඥානසාර හිමිගේ ඇපෑල ඉවත දැමූ විනිසුරු මඩුල්ලේ සිටි ප්‍රසන්න ජයවර්ධන ඥානසාර හිමිගේ විරුද්ධවාදියෙක්

colombotoday

දේශපාලන අධ්‍යන චාරිකාවකට එජාපයේ සහ පොහොට්ටුවේ පිරිසක් මේ සතියේ චීනයට

Admin

සැකකටයුතු ලෙස ගිනිගත් යතුරුපැදියක්

Admin

ලාල් කාන්තට ඇප

colombotoday