Colombo Today Local News

රට අස්‌ථාවර කිරීම ජාත්‍යන්තර කොන්ත්‍රාත්තුවක්‌…

රට තුළ පවතින අස්‌ථාවරභාවය නැති කිරීම සඳහා එක්‌සත් ජාතික පෙරමුණ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ඇති ආණ්‌ඩුවට වැඩ කරගෙන යැමට ඉඩදිම හෝ විධිමත් ආකාරයට විශ්වාසභංගයක්‌ ගෙනත් එම ආණ්‌ඩුව ඉවත් කිරීමට හෝ කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

එක්‌සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරයක්‌ තිබෙනවා නම් දින 8 ක්‌ තුළ විධිමත් ආකාරයට විශ්වාසභංගයක්‌ සම්මත කළ හැකි බව පැවසූ ඇමැතිවරයා මේ ආකාරයට රට අස්‌ථාවර කිරීමට කටයුතු නොකළ යුතු බවද සඳහන් කළේය.

එක්‌සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්‌ති පෙරමුණ හා දෙමළ ජාතික සංධානය රට අස්‌ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර කොන්ත්‍රාත්තුවක්‌ භාරගෙන ඇතැයිද ඇමැතිවරයා කීවේය. හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (05 දා) පිවිතුරු හෙළ උරුමය මූලස්‌ථානයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

Related posts

බන්ධනාගාරය තුළට හෙරොයින් ගෙන ගිය පූසෙක්

colombotoday

බහුතරය තිබෙන පැත්තට අපේ සහාය දෙනවා – ඊපීඩීපී

colombotoday

පොලීසිය හොර වැඩක: ඥාණසාර හිමිගේ නඩුවේ බී වාර්තාව වෙනස් කරයි!

colombotoday

පූජිතගෙ මූලික අයිතිවාසිකම් පෙත්සම පූජිතම ඉල්ලා අස්කර ගනී

Admin

ජයග්‍රහණයෙන් පසු නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකල ප්‍රථම ප්‍රකාශය

colombotoday

කෝප් සහ කෝපා කමිටුවට නම් කළ සාමාජිකයින් මෙන්න

colombotoday