Colombo Today Local News

ජනපති හා එජාපය අතර අද තීරණාත්මක හමුවක්…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

පසුගිය සිකුරාදා දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්වී ඇති බව වාර්තා විය.

පවතින දේශපාලන අර්බුදයට ස්ථීර විසඳුමක් ලබන බදාදා වන විට ජනාධිපතිවරයා විසින් ලබාදෙනු ඇති බව පසුගිය සාකච්ඡාවට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් ප්‍රකාශ කළ අතර මීට පෙර පැවති හමුවේදී නියමිත පරිදි ඉලෙක්ට්‍රොනික ඡන්ද විමසීමක් සහිතව පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනාවක් සම්මත වුවහොත් තමා එය පිළිගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට යළි අග්‍රාමාත්‍යධූරය ලබානොදිමේ දැඩි ස්ථාවරයේ ජනාධිපතිවරයා තවදුරටත් රැදී සිටියි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ ලබන 05 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ඕනෑම ආකාරයකින් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට තම පක්ෂය සූදානම් බවයි.

එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත සහිත මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය යන්න එක්සත් ජාතික පෙරමුණේ සියලු කණ්ඩායම්වල ස්ථාවරය බව අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තවද එක්සත් ජාතික පක්ෂ අග්‍රාමාත්‍යවරයෙකුට සහය පල කරන බවට දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා වෙත කළ දැනුම්දීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා විසින් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

ජනාධිපතිවරයාට ද පිටපතක් සහිතව යොමුකර ඇති අදාළ ලිපියෙන් දක්වා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඒකමතිකව නම් කර ඇති බවයි.

Related posts

කැලණි සරසවියේ සිසුවියකටත් කොරෝනා

colombotoday

යහපාලන ආණ්ඩුව කෝටි 1140ක ඖෂධ මිලදී ගැනීම් ගැන සීඅයිඞී පරීක්ෂණයක්

colombotoday

මයන්ත සජබ සභාපති ධු⁣රයෙන් ඉවත් වෙයි

colombotoday

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන් සංස්කෘතියට ගහන යමර ගැහිල්ල ඕෂධී හෙළි කරයි !

colombotoday

කොරෝනා රෝගීන් දෙපිල බෙදී ගුටි ඇනගනිනි

colombotoday

පහරදීමකින් පසු බසයකට යට වූ පුද්ගලයා දැක දැක රාජකාරිය පැහැර හැර ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙක්

colombotoday