පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉගියක් පල කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියාසිටියේ නැවත වරක් පාර්ලිමේන්තුව කල් තැබීමක් සිදු නොකරන බවටද ජනාධිපතිවරයා සහතික වූ බවයි.
එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් සමග ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළකර තිඛෙනවා.
මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු බහුතරය නැතැයි ජනාධිපතිවරයා මෙහිදී පිළිගත් බවද මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් පණිවිඩය ඔස්සේ ප්‍රකාශ කලා.