Colombo Today Local News

රනිල් සමනළයෙක්… රට පාලනය කළේ ඔහුගේ සමනළ කල්ලියයි – මහින්ද වේදිකාවේ ජනපතිගෙන් එජාපයට දැඩි ප්‍රහාරයක්..

කොලඹ පැවති ‘ජනමහිමය’ ජනරැලියේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව දැඩි ලෙස විවේචනය කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා රටේ ප්‍රශ්න අමතක කර සමනළ ජීවිතයක් ගෙවූ බවත්, රටේ තීන්දු තීරණ ගත්තේ ඔහුගේ සමනළ රැළ බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ජන රැළිට සහභාගී වී සිටි අති විශාල එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්ෂිකයක් පිරිසකගේ ඔල්වරසන් මධ්‍ යේ ය.

රනිල් වික‍්‍රමසිංහට ඉවත් කර අගමැති ධුරය ගන්නැයි තමන් විසින් කරන ලද ආරාධනාව අවස්ථා කිහිපයකදීම කරු ජයසූරිය හා සජිත් පේ‍්‍රමදාස මහත්වරුන් විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලද්දේ රනිල් එක්ක හැප්පෙන්න බෑ කියා බව පැවසුවේ යයිද ජනාධිපතිවරයා පැවසීය.

අන්තිමේ තමන් විසින් රනිල් එක්ක හැප්පෙන්න නොව රනිල් පෙරලාගෙන යන්න පුළුවන් මිනිහෙක් වන මහින්ද රාජපක්‍ෂ අගමැති කල බවද සදහන් කලේය.

Related posts

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

Admin

බුලත් විටත් ගණන් උස්සයි…

colombotoday

මට තියෙන ප‍්‍රශ්නය ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවෙ තියෙන වැරැද්ද මොකක්ද කියලා – (යුධ මෙහෙයුම, ඇවන්ගාඩ්, එක්නැළිගොඩ සහ රතු අලි ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා කළ හෙළිදරව්ව)

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්න මුහුදේ පවතින ද්‍රව්‍යයන් 54 ක් හඳුනා ගනී

colombotoday

පිල්ලෙයාන්ට එරෙහි ඝාතන නඩුව ඉල්ලා අස්කර ගන්නා බව නිතීපති අධිකරණයට දැනුම් දෙයි.

colombotoday

තහනම නොතකා ෂැෂේ පැකට් නිෂ්පාදනය කළ සමාගමක් වටලයි

colombotoday