ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දුමින්ද දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර වාරිමාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය වරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
දුමින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන බවට අද දවස පුරා දේශපාලන ක්ෂේත්රයේ ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවී තිබුනා.