Colombo Today Local News

විග්නේෂ්වරන්ගේ රැස්වීමෙන් කොටි මූණ මතුවෙයි… කොටි ලාංඡනය සහිත ආරාධනා පත්‍රිකා බෙදයි…

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ ඉදිරි දේශපාලන ගමන්මග පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇති හෙට (24දා) පැවත්වෙන දෙමළ ජනතා සභාවේ සාකච්ඡාවට සහභාගී වන්නන්ට එල්.ටී.ටී.ඊ. ලාංඡනය සමග පත්‍රිකාවක් බෙදා හැර ඇති බවට දෙමළ ජනතා සභාව පවසයි.

මේ අතර ඊයේ (22දා) රාත්‍රිය වන විට අදාළ පත්‍රිකා කිහිපදෙනෙකුට හා යාපනයේ ඇතැම් ස්ථාන කිහිපයක දමා ගොස් ඇති බවටද වාර්තා වෙයි.

අදාළ පත්‍රිකාවේ දෙමළ ජනතා සභාවේ සමසභාපති වරයෙකු වන වෛද්‍ය පී. ලක්ෂ්මන් මහතාගේ ඡායාරූපයක්ද සමග සඳහන් කොට ඇත්තේ ‘නායකයන්ගේ මාසයේ මහා නැගිටීම, දෙමළ ජනතා පෙරමුණේ නායකයන්ගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වන ලෙසය.

එහි නායකයන්ගේ මාසය යනුවෙන් සඳහන් කොට ඇත්තේ කොටි සංවිධානයේ මහවිරු මාසය මෙන්ම කොටි නායකයාගේ උපන්දින මාසය වශයෙන් හැඳින්වීමට හැකි බවයි දෙමළ ජනතා සභාවේ සාමාජිකයෙක් පවසා සිටියේය.

අදාළ පත්‍රිකා සම්බන්ධයෙන් දෙමළ ජනතා සභාවේ ප්‍රබල සාමාජිකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා නිවේදනය කොට ඇත්තේ හෙට (24දා) පැවත්වෙන දෙමළ ජනතා සභාවේ රැස්වීම කඩාකප්පල් කිරීමට දැරූ උත්සාහයක් බවයි.

Related posts

ශ්‍රීලනිපයේ ඉන්නේ මහ ලේකම්වරු නෙවෙයි ‘මහ කේලම්වරුයි‘ – මහින්දානන්දගේ සහයට ආ ඩිලාන්ගෙන් දුමින්දට අමරවීරට ප්‍රහාරයක්

colombotoday

“අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාට සුභපතනවා” පරාජයෙන් පසු සජිත් ප්‍රේමදාස පැවැත්වූ කතාව

colombotoday

රනිල්ගේ ආශිර්වාදයෙන් මංගල ජිනීවා ගිහින් රටත්, ජාතියත් පාවාදුන්නා – රටේ සිදුවුණු ලොකුම ඛේදවාචක තුන විජේදාස හෙළිකරයි…

colombotoday

කෘෂිකර්ම ගැටලු කාර්යක්ෂමව විසඳන්න කාර්ය සාධක බලකායක්

Admin

මහජන ආරක්ෂක ඇමති සිංගප්පූරුවේ නිල සංචාරයක

Admin

විල්පත්තු සංහාරය නොනවතී.. බදුර්දීන්ට යටවූ වන නිලධාරීන් ජනපතිත් අන්දන්න යයි (Video)

colombotoday