Colombo Today Local News

යාපනයේ හොර නෝට්ටු මුද්‍රණාලයක් වටලයි

යාපනය ප්‍රදේශයේ හොර මුදල් අච්චු ගැසූ ස්ථානයක් වැටලූ පොලීසිය, එහි තිබී ව්‍යාජ පන්දහසේ සහ දහසේ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. එම මුදල් මුද්‍රණයට යොදා ගත් පරිගණකය සහ මුද්‍රණ යන්ත්‍රයද පොලිස් බාරයට ගෙන ඇත.

ඊයේ පෙරවරුවේ මේ අත්අඩංගුවට ගැනීම සිදුවිය. යාපනය වඩුක්කෝඩෙයි පොලිස් ප්‍රදේශයේ ‍පොත්හලකින් මුදල් මාරු කරන අවස්ථාවේ මතු වූ සැකයක් මත පොලීසියට ලැබුණු තොරතුරක් මත කළ මෙහෙයුමේ දී ‍මේ ජාවාරමට අදාළ සියලු තොරතුරු හෙළි කර ගැනීමට හැකි වූ බව උතුරු ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ මහතා තවදුරටත් පවසා සිටින්නේ එම සැකකරුවන් මුද්‍රණය කළ මුදල් මේ වන විට යාපනය ඇතුළු උතුරේ ප්‍රදේශ ගණනාවක සංසරණය වන බව සැක කරන බවයි. මීට පෙරද මොවුන් මේ ආකාරයෙන් විටින් විට මුදල් මුද්‍රණය කර ඇති බවට ද තොරතුරු ලැබී ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 25- 35 අතර අයවලුන් වන අතර පුදුකුඩුඉරිප්පු සහ යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. අත්අඩංගුවට සැකකරුවන් ඊයේ යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වර්ණජයසුන්දර වඩුක්කෝට්ටේ පොලිස් ස්ථානාධිපති සමන් ගුණතිලක මහ උප පොලිස් පරික්ෂක පටබැදිගේ ඇතුළු පිරිසක් විසින් මේ සම්බන්ධව වැටලිම් සිදු කරනු ලැබිණි.

Related posts

මන්ත්‍රීලාට වාහන දෙන යෝජනාවට අත්සන් කොකරන හේතුව පාර්ලිමේන්තු කටයුතු ලේකම් හෙළිකරයි

colombotoday

හරියට රට කළා නම් අද දියපට්ටා එනකං ඇවිදින්න ඕන නෑ.. මම නම් ආණ්ඩුවක් ඉල්ලා පයින් යන්නේ නෑ

colombotoday

ජූලි මාසයේ Lanka Premier League අරඹුමට පෙර මූල්‍ය කුසලානකට මුහුණදෙයි

Admin

අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කිරීමට DNA සාම්පලයක් ඉල්ලයි

colombotoday

රනිල් පන්නා කරු,සජිත් අගමැති කරන්න තිරය පිටුපස මෙහෙයුමක්… විශ්වාසභංගයකුත් ලෑස්තියි !

colombotoday

ඉඩම් ආරවුලකට මිනී මැරූ වෙඩික්කරු ගිනි අවියත් සමග බාරවෙයි

Admin