Colombo Today Local News

මෛත්‍රි, රනිල් හා මහින්ද අසාර්ථක නායකයන්. – සරත් විජේසූරිය

තමාට ජනපති ධූරයට එන්නට අත දුන් බලවේග ඈත්කර ගැනීමෙන් නොනැවතී ඒවා විනාශ කරන තැනකට ජනාධිපතිවරයා වැටීම කණගාටුවට කරුණක් බවත් එමගින් සැබෑවටම සිදුවන්නේ ජනාධිපතිවරයාගේම විනාශය බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මෙසේ චෝදනා කරන අතර මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් පිහිටු වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විනාශ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරමින් සිටින බවද පවසයි.

ජනාධිපතිවරයා 2015 ජනවාරි 8 සිවිල් සංවිධාන ඇතුළු ලක්ෂ හැට දෙකක ජනතාවට දුන් ප්‍රතිඥාවලට පසුපස හරවා දේශපාලන ගමනක් යද්දී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය එයට දැඩි විවේචනයක් එල්ල කළ බවත් එනිසා ඔහු විවිධ ක්‍රියාමාර්ගවලින් සිය සංවිධානය විනාශ කිරීමට උත්සාහ කරන බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.

එසේම මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ යන චරිත තුනම අසාර්ථක නායකයන් හැටියට ජනතාව අතර සන්නාම ගත වී අවසන් බවත් විවිධ වෘත්තිකයන් ඇතුළු සමාජ කණ්ඩායම් නව දේශපාලනයක් වෙනුවෙන් පෙරට ඒම සුබවාදී ලකුණක් බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related posts

දූෂණය පගාව නතර කලාම ආයතන ලාබ ලබනවා

Admin

කටුනායක මාර්ගය දැඩි රථවාහන තදබදයක්

colombotoday

ජාතික උරුමයන් ආරක්‍ෂා කරන බවට ආරක්‍ෂක ලේකම් සහතික වෙයි

colombotoday

පොහොට්ටු රැස්වීමේදී නිමල් සිරිපාලට හූ කියයි

colombotoday

හක්මන 21 හැවිරිදි තරුණයාගේ ඝාතකයා අත්අඩංගුවට

Admin

ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලිකව වැසෙයි

colombotoday