Colombo Today Local News

ප්‍රබල ඇමතිගේ බැංකු ගිණුම අත්හිටුවයි – මුස්ලිම් ජාතිකයෙකු ලක්ෂ 1500ක් එවලා. හේතුව කියාගන්න බැරි වෙයි

ප්‍රධාන පෙළේ කැබිනට් ඇමැතිවරයෙකුට අයත් පුද්ගලික බැංකු ගිණුමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත්හිටුවීමේ නියෝග මත අත් හිටුවා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙබ් මාධ්‍ය වාර්තා පළවෙමින් තිබේ.

එම පුවත් වාර්තාවන්ට අනුව පසුගියදා අදාළ ඇමැතිවරයාගේ ගිණුමට රුපියල් ලක්ෂ 1500 ක් බැර වී තිබී ඇති අතර එම බැර කිරීම කර ඇත්තේ විදෙස් ගත මුස්ලිම් ජාතිකයෙකු විසිනි.

මේ රුපියල් ලක්ෂ 1500 ලැබුණේ කුමන කාරණයකටද? බැර කිරීම කළ අය සමග කරන ලද ගණුදෙනුව කුමක්ද? ආදී විස්තර කිසිවක් පිළිගත හැකි ආකාරයකට හෙළිදරව් කිරීමට දෙපාර්ශවයම අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම තාවකාලිකව අත් හිටුවා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඉහත කී රුපියල් ලක්ෂ 1500 ක මුදල බැර වන විටත් ඇමැතිවරයාට අයත් ඒ ගිණුමේ රු. ලක්ෂ 4000 ක මුදලක් ඉතිරිව තිබී ඇත. ඒ සියළු මුදල් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ලැබුණු මුදල් ය.

Related posts

මාර්ගගත ක්‍රම සුරක්ෂිතතා පනත් කෙටුම්පත ගැන ආසියානු ඉන්ටර්නෙට් සන්ධානයේ දැඩි අවධානය

Admin

පිල්ලයාන් රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරයි

colombotoday

විශ්ව විද්‍යාල 18 කින් එක රටක් එක නීතියක් බලකායට යෝජනා ලබා දෙති.

colombotoday

බස් වර්ජනය අවසන් වෙන්න හේතුව මෙන්න

Admin

රට අනුරට යතැයි බියෙන් ආයෝජකයන් බැදුම්කර විකුණා රටින් යයි

Admin

එක්සත් ජාතීන්ගේ “වධ කදවුරු” චෝදනාවට හමුදා නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට !

colombotoday