Colombo Today Local News

නිවසට විදුලිය ලබා නොදීමට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරකීමේ ව්‍යාපාරයේ සභාපතිගෙන් පැමිණිල්ලක්

තමන්ගේ නිවස සදහා අලුතින් විදුලි සම්බන්ධතාවය ලබා ගැනීම සදහා ඉල්ලුම්පතක් විදුලිබල මණ්ඩලය වෙත ඉදිරිපත් කලත් තම නිවසට ආසන්න නිවසක විදුලි සම්බන්ධතාවයක් හේතු කර ගනිමින් තම නිවසට විදුලිය ලබා දීම ප්‍රමාද කිරීමට විදුලිබල මණ්ඩලයේ නිළධාරීන් කටයුතු කරන බවත් එසේ කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ සමාන ලෙස සැලකිලි ලැබීමට තිබෙන අයිතිය උල්ලංඝණය කර ඇති බවත් සදහන් කරමින් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම පැමිණිල්ලේ තවදුරටත් සදහන් කර ඇත්තේ කෙරවරපිටිය ස්භාවික වායු විදුලිබලාගාරය චීන සමාගමකට ලබා දීමට එරෙහිව තමා විසින් ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවත් එහි වගඋත්තරකරැ ලෙස විදුලිබල මණ්ඩලය නම්කොට ඇති බවත්ය. තවද පසුගිය කාලය පුරා විදුලි ඉංජිනේරැවන්ගේ වැටුප් පිළිබදව හා ඔවුන්ගේ ආදායම් බදු විදුලි බල මණ්ඩලය විසින් ගෙවීම පිලිබදව මාධ්‍ය මගින් හෙළිදරව් කර ඇති බවත් එම කරැණු හේතු කර ගෙන තමන්ට විදුලි සම්බන්ධතාවට ලබා දීම ප්‍රමාද කරන බවත්ය.

මේ පිළිබද අප විසින් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගෙන් විමසා සිටීමේදී ඔහු සදහන් කළේ නීතිවේදිනියක වන තම බිරිදගේ නමින් තම නිවසට නව විදුලි සබදතාවයක් ලබා ගැනීම සදහා අයදුම්පතක් ඉදිරිපත් කලත් පිළිගත හැකි හේතු නොමැතිව ඒම විදුලි සම්බන්ධතාවය ලබා දීම ප්‍රමාද කරන බවය. මේ පිළිබදව ශ්‍රෙෂ්ඨාධිකරණය දැනුවත් කිරීමට තමන් කටයුතු කරන බවත් කුමන බලපෑම් ආවත් තමන් විසින් මෙරට පාරිභෝගිකයින් සදහා කරනු ලබන සේවය නවතා දැමීමට හෝ ශ්‍රෙෂ්ඨාධිකරණයේ පවතින නඩුව ඉවත් කර ගැනීම සදහා කටයුතු නොකරන බවත්ය.

Related posts

දුම්රියක් පීලි පැන නියාමක මැදිරිය පෙරළෙයි – 16ක් රෝහලේ…

Admin

අලුතින් පත්වන ඇමතිවරුන්ට වැටුප නෑ.

colombotoday

”අඩු තරමේ මංගලටවත් නොකිය ඉන්න තිබුණා…” රෝහිතගේ මගුලට ආරාධනා නොලැබූ මධුමාධව බුකියේ දාපු පොස්ට් එක..

colombotoday

අප්‍රේල් මාසයේදී ඉන්දීය ජාතිකයන් 822ක් ලංකාවට ඇවිල්ලා.

colombotoday

මහ බැංකුවේ හොරකමක් වී ඇතැයි හදුන්නෙත්ති කීවා.. එනිසා ඔහු කෝප් සභාපතිකමට සුදුසු නෑ

colombotoday

ඉන්දු ලංකා පාලම් නෑ.. ඒ වගේ දේශද්‍රෝහී අමන වැඩ මම කරන්නෑ – ජනපති

colombotoday