Colombo Today Local News

හිටපු ජනපතිගෙන් ඉන්දියාවේදී ඓතිහාසික ප්‍රකාශයක්

මානව හිමිකම් උල්ලංඝනය කළ බවට විජයග්‍රාහී ශ්‍රී ලංකා හමුදාවට එල්ල වන චෝදනා සියල්ල අසත්‍ය යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නවදිල්ලි නුවරදී පවසා ඇත.

ශ්‍රී ලංකා හමුදාව යුද වැදුණේ දෙමළ ජනතාවට එරෙහිව නොව එල්.ටී.ටී.ඊ සංවිධානයේ ත්‍රස්තවාදයට එරෙහිව යැයි ද හිටපු ජනාධිපතිවරයා එහිදි කීවේය.

එහිදි අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.

“අපි කිසිදු අවස්ථාවකදී වාර්ගික යුද්ධයක් කළේ නැහැ. හමුදා ක්‍රියාමාර්ග කිසිදු ආකාරයකින් දෙමළ ප්‍රජාවට එරෙහිව කරන ලද්දක් නෙවෙයි. මෙම ත්‍රස්තවාදී සංවිධානය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවන බව අමතක නොකළ යුතුයි.”

එය ඉන්දියානු භූමියටත් පැමිණියා. ඔවුන් ශ්‍රී රජිව් ගාන්ධි ඇතුළු තව බොහෝ දෙනා ඝාතනය කළා.

ත්‍රස්තවාදය තුරන් කිරීම එක් ප්‍රජාවක හෝ එක් රටක තනි ප්‍රතිලාභ උදෙසා කරන ලද්දක් නෙවෙයි. එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කිරීමේ හමුදා ක්‍රියාන්විතය සම්පූර්ණ නොකළා නම් එය අනාගත පරම්පරාවලට කරපු ද්‍රෝහිකමක්.

මියගිය හෝ තුවාල ලබපු පිරිස 40,000ට වැඩි යැයි ප්‍රමාණය ඉක්මවා යන ගණන් කියනවා. මේ සියල්ල බොරු. අසත්‍ය ප්‍රචාර. ත්‍රස්තවාදීන් ද ඇතුළුව තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව 8,000 ඉක්මවන්නේ නැහැ”.

දේශනය කිරීමට පෙර මහින්ද රාජපක්ෂ මහතා හඳුන්වා දුන් ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි, මහින්ද රාජපක්ෂ මහතා ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වනු ඇතැයි කීය.

ශ්‍රී ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර 2006 වසරේ පැවැති අසාර්ථක සාම සාකච්ඡාවලින් පසු ශ්‍රී ලංකාවේ දේශපාලනඥයකු ඉන්දියාවේදී යුද්ධය සම්බන්ධයෙන් මෙවැනි දේශනයක් කළ පළමු අවස්ථාව මෙය විය.

භාරතීය ජනාත පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි නායකත්වය ලබාදෙන ‘විරාත් හින්දුස්තාන් සංගම්’ සංගමය සංවිධානය කළ උත්සවයකදී ‘ඉන්දු-ලංකා’ සම්බන්ධයෙන් දේශනයක් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කළේය.

ද හින්දු

Related posts

ඖෂධ හා උපකරණ තරගකාරීව මිලදී ගැනීමේදී බාධා මග හැරවීමට නිර්දේශ ඉදිරිපත් කරන්න කමිටුවක්

Admin

එජාපය දිනූ, ඇමති හරීන්ගේ බදුල්ල බලකොටුවේ බලයත් පොහොට්ටුවට

colombotoday

මැකො. සභාපති ඉවත් වෙයි… අස්වීමේ ලිපිය ජනපතිට යවයි !

colombotoday

උතුම් සිරිපාදය ගැන ඔබ නොදන්න, දැනගත යුතුම දේවල් මෙන්න

colombotoday

මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික්ටොන් 38,500ක් ආනයනයට අනුමැතිය

colombotoday

ආණ්ඩුව යන මග වැරදියි.. ඉවසුවා ඇති ! මහා සංඝ සම්මේලනයක් කොළඹට කැඳවන්න යයි..

colombotoday