Colombo Today Local News

රනිල්, අකිල ජනපති නියෝගයට උඩින් යයි.. පාසල් සිසුන්ට ටැබ් ලබා දීම ස්ථීරයි

උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නොමි‍ලේ ටැබ් පරිගණක දිමේ ව්‍යාපෘතිය ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කිරීමට අගමැතිවරයා සහ අධ්‍යාපන ඇමැතිවරයා තීරණය කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ටැබ් පරිගණක දීම එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ මැතිවරණ ප්‍රතිඥාවක්ද වන අතර උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නොමි‍ලේ ටැබ් පරිගණක දීම නියමු ව්‍යාපෘතියක් ආකාරයට ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ වී ඇත.

එමෙන්ම මෙම වැඩපිළිවෙල ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කළයුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු දැඩි ස්ථාවරයක සිටින බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඒ අනුව ඊළඟ පාසැල් වාරයේ සිට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමි‍ලේ ටැබ් පරිගණක දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

ලක්මැදුර හෝටලයේ වෙඩි තැබීමට සම්බන්ධ බව කියන කතක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

colombotoday

බාලවයස්කාර දැරියන් අපයෝජනය කළ ටියුෂන් ගුරුවරයාට දෙමාපියන් දුන් දඬුවම

colombotoday

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ..

colombotoday

මන්ත්‍රී වරප්‍රසාද කඩවූයේ යැයි ඇමති කාංචන කථානායකට ලියයි

Admin

රොහාන් පල්ලෙවත්ත සජිත්ට එකතුවේ.

colombotoday

කුරුණෑගල සියලුම කඩ සාප්පු, කාර්යාල වසා දමන ලෙස දැනුම් දෙයි.

colombotoday