Colombo Today Local News

ඤාණසාර හිමිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

තමන් වහන්සේ බන්ධනාගාරයට වැඩමකිරීමෙන් පසුව මුහුණදුන් අත්දැකීම් සම්බන්ධව සහ ඉදිරියේදී සිදුකිරීමට සැලසුම් කර ඇති විශේෂ වැඩකටයුතු සම්බන්ධව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝඅද (26දා) දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටසූදානමින් සිටිති.

හෝමාගම අධිකරණයට වැඩම කළ අවස්ථාව,සිතාමතා බන්ධනාගාරගත වූ බවටපැතිරුණුප්‍රචාරයන්,ඉන්පසුව බන්ධනාගාරයේ ගතකළ දින 07 තුළ සිදුවූ සිදුවීම්,චීවරය ඉවත් කර බන්ධනාගාර ඇඳුම ඇඟලූ බවට පැතිරුණු ප්‍රචාර,අමුත්තන් හමුවීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළුමෙතෙක් හෙළි නොකළ කරුණු අනාවරණය කිරීමටදඋන්වහන්සේ සැලසුම් කර තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම, බන්ධනාගාරයට වැඩම කළ පසු තවදුරටත් උන්වහන්සේ සිරගත කර තැබීමට හා භික්ෂුත්වය අහිමිකිරීමට ඇතැම් පුද්ගලයන් සැලසුම් කර තිබූ ආකාරය,ඊට බොදුබල සේනා සංවිධානය මුහුණදුන් ආකාරය ගැන කරුණු දැක්වීමටද ඥානසාර හිමියෝ අදහස් කරගෙන සිටිති.

ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත ශාසනික හා ජාතික වශයෙන් වැදගත් කටයුතු කිහිපයක් සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමටත්,රටේ නායකයන්ට හා ජනතාවට පණිවුඩයක් ලබාදීමටත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් සැලසුම් කර තිබේ.

රාජගිරිය,නාවල පාරේ පිහිටි බොදුබල සේනා මූලස්ථානයේදී මෙම කරුණු පැහැදිලි කිරීමට නියමිතය.

 

Related posts

මධ්‍යම සභාවේ බල පෙරළියක්.. ඇමතිකමෙන් ඉල්ලා අස්වූ ප්‍රමිත 11ක් සමග ස්වාධීන වෙයි

colombotoday

පාසල් අවට අහිතකර දේ ඉවත් කරන්න වැඩබලන පොලිස්පතිගෙන් නියෝග

Admin

අමල් සහ නදිමාල් 27 වනදා දක්වා රිමාන්ඩ්

colombotoday

පාස්කු ප‍්‍රහාරයට වරදකරුවන් වන ප‍්‍රධානතම අන්තවාදීන්ට අධි ආරක්ෂිත සිරගෙයක්

colombotoday

මහ කන්නයට කාබනික පොහොර ආනයනයට අවසර

colombotoday

පාස්කු ප්‍රහාරය : අහමඩ් ලෙබ්බේ අලව්දීන් රිමාන්ඩ්

colombotoday