Colombo Today Local News

වැටුප පරිත්‍යාග කරන ජවිපෙ මන්ත්‍රීලාගේ ගෙදර අය කන්නේ කොහොමද? රෝහිත ජවිපෙන් අසයි

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සිය වැටුප පරිත්‍යාග කර නොමිලේ කන විදිය පැවසුවහොත් තමන් එම ක්‍රමය අනුගමනය කිරීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා අද (25) පැවසීය.

පවුලේ වියදම් දැරීමට තිබෙන බැවින්  තමාට මන්ත්‍රී වැටුප පරිත්‍යාග කිරීමට නොහැකි බවත්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පවසන ආකාරයට නොමිලේ කන ආකාරය තමන්ට සිතාගත නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී රෝහිත අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය රජය විසින් විශාල අමාත්‍ය මණ්ඩලයක් පවත්වාගෙන ගිය බැවින් 2015දී ජනතාව ඊට ප්‍රතිචාර දැක්වූ බවයි.

ඇමතිවරුන්ගේ 30 දෙනෙකුගේ අමාත්‍ය මණ්ඩලයක් පවත්වාගෙන යන බව පවසමින් වත්මන් ආණ්ඩුව බලයට පැමිණියද මේ වනවිට කැබිනට් ඇමතිවරුන් 41ක්, රාජ්‍ය ඇමතිවරුන් 22ක්, නියෝජ්‍ය ඇමතිවරුන් 23ක් වශයෙන් ඇමතිවරුන් 86 දෙනෙකු සිටින බවද හෙතෙම පවසා සිටියේය.

Related posts

මෙරට පුද්ගලයින් ලක්ෂ 96ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට අනාවරණයක්

colombotoday

මහින්දව රහසේ හමුවූ නි.ඇමති අරුන්දිකට ආණ්ඩුවෙන් ලෙඩක් !

colombotoday

අභියාචනාධිකරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමයි.

colombotoday

ඉන්දියන් සම්බා සහල් තොගයේ පළමු කොටස ඉදිරි දෙසතිය තුළ දිවයිනට

Admin

අක්මීමන දයාරතන හිමි ඇප මත නිදහස් !

colombotoday

අලුතින් බාරගත් සභාපතිකම ගැන හර්ෂ කියූ දේ

colombotoday