Colombo Today Local News

ෆොන්සේකාගේ වැඩක් නිසා, සිංහරාජය ලෝක උරුම ලයිස්තුවෙන් ඉවතට !

සාධාරණ හේතුවකින් තොරව සිංහරාජ වනයේ සිටින අලි දෙදෙනා ඉවත් කිරීමට කටයුතු කළහොත් එම වනය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කර සිටියේ “සුරකිමු ලංකා” හී සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ තෙත් කලාපීය පරිසර පද්ධතියක සිටින අවසන් අලි දෙදෙනා සිංහරාජ වනයේ සිටින අලි දෙදෙනා බවත් එම අලි දෙදෙනා බලහත්කාරයෙන් එම පරිසර පද්ධතියෙන් ඉවත් කිරීම ජාත්‍යන්තර පරිසර නීතිය උල්ලංඝනය කිරීමක්ද වන බවය.

ඒ හේතුවෙන් සිංහරාජ වනයට ඇති වටිනාකම ඉවත්ව යන බවත් එම වනය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවධානම ඒ හමුවේ දැඩිව ඇති බවද උන්වහන්සේ සඳහන් කර ඇත.

එසේම වනජීවී අමාත්‍යවරයා අදාළ තීරණය එන තිබෙන්නේ කරුණු හරිහැටි සොයා බැලීමෙන් තොරව බවද උන්වහන්සේ සඳහන් කර තිබේ.

Related posts

ETCA තීන්දුයි ! ඉන්දීය ප්‍රධාන සාකච්ඡාකරු භල්ලා ලංකාවට එයි

colombotoday

ලිහිසි තෙල් නියාමන බලතල උපයෝගිතා කොමිසමෙන් ඉවත් කරයි

Admin

බන්ධනාගාර තුළට තහනම් භාණ්ඩ පැමිණීම සම්පූර්ණයෙන් නැවතීමට තවමත් නොහැකි වෙයි

colombotoday

විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් STF අත්අඩංගුවට

Admin

සහරාන්ට අරමුදල් සැපයූ සිංගප්පූරු ජාතිකයෙක් අත්අඩංගුවට

colombotoday

“හෙට කොළඹදී බෝම්බයක් පිපුරුවොත්, ඒකත් මේ ආණ්ඩුවට සාමාන්‍ය දෙයක්” – අක්මීමන දයාරතන හිමි

colombotoday