Colombo Today Local News

ළමයින් පැහැරගෙන විකුණන මන්ත්‍රීගේ නිවසින් තවත් ළමයෙක් සොයාගනී

නුවරඑළිය, පෝර්ට්මොර් වත්ත අගරපතන ප්‍රදේශයේදී දැරියක පැහැරගෙන යෑමේ චෝදනාවට ලක්වූ ලිඳුල නාගරික මන්ත්‍රීවරයාගේ නිවසේ සිටියදී තවත් දරුවෙකු ඊයේ (07) සොයාගෙන ඇති බව නුවරඑළිය පොලීසිය පවසයි.

පෝර්ට්මොර් වත්ත අගරපතන ප්‍රදේශයේදී 2017 වර්ෂයේ වයස අවුරුදු 05ක දැරියක පැහැරගෙන ගොස් මුදලට විකීණිමට අදාළව පසුගියදා ලිඳුල නගරාධිපතිවරයා සහ එහි නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාර කළ අතර මෙම සිද්ධියට අදාළ නාගරික මන්ත්‍රීවරයාගේ නිවසේ සිටියදී ඊයේ (07) තවත් වයස අවුරුදු 11ක පිරිමි දරුවෙකු නුවරඑළිය පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මොවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කටයුතු කරන අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජයනය කරන සී.බී . රත්නායක මන්ත්‍රීවරයාගේ ළඟම ගෝලයින් බවද අනාවරණය වී ඇත.

ඒ අනුව මේ පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරන බව නුවරඑළිය පොලීසිය පවසයි .

Related posts

ගම්පහ නිරෝධායන වන පවුලකට 10,000ක ආහාර මල්ලක්

colombotoday

පුංචි ඡන්දයට දින නියම කිරීම මාර්තු 9 වැනිදාට පෙර

Admin

යහපාලන මාධ්‍ය නිදහස රෙද්දපල්ලෙන් බේරේ – සත්හඩ මාධ්‍යවේදීන් හතර වෙනි තට්ටුවට!!

colombotoday

අලුත් අමාත්‍යාංශවලට අලුත් වාහන ගැනීම ජනපති නියෝගයෙන් අත්හිටුවයි !

colombotoday

පොලිස් වසම් හා තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

තරුණියක් දූෂණය කල පුද්ගලයෙක්ට වසර 58ක සිරදඬුවම් නියම කෙරේ

colombotoday