Colombo Today Local News

”දුමින්ද-අමරවීර මංගලගේ ගෙරදී විශ්වාශභංගය පාවාදුන්නා…

ශ්‍රීලනිප හා සන්ධාන මහලේකම්වරුන් වන දුමින්ද දිසානායක මහතා සහ මහින්ද අමරවීර මහතා අගමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංගය පාවාදුන් බව හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම රට පුරා පැවැත්වීමට නියමිත ‘නිදහසේ හෘද සාක්ෂිය‘ සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න ඊයේ මාතර උයන්වත්ත ක්‍රීඩාගනයේදී ආරම්භ වූ අවස්ථාවේ සභාව අමතමිනි.

පක්ෂයේ ලේකම්වරුන් දෙදෙනා අප්‍රේල් 3වැනිදා මංගල සමරවීර අමාත්‍යවරයාගේ නිවසේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව අගමැතිට එරෙහි විශ්වාසභංගය පාවා දුන් බවයි.

වැඩිදුරටත් සභාව අමතමින් අනුර ප්‍රියදර්ශන මහතා එක්සත් ජාතික පක්ෂය හා අගමැති රනිල් වික්‍රමසිංහද දැඩි ලෙස විවේචනය කර සිටියේය. හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාද මෙම සභාව අමතමින් එජාපයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර සිටියෙ ය.

Related posts

විදුලිය සහ ජලය කප්පාදු කරනවා. පාරිභෝගිකයින්ගෙන් චෝදනා – ඇමති නැ කියයි

colombotoday

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද

Admin

අදත් බස් ධාවනය අඩාලයි

colombotoday

හිඟුල දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට බුදු කුටියට ගල් පහරක්.. මාවනැල්ල නගරයට හමුදාව – පොලිසිය කැඳවයි

colombotoday

බෝගම්බර බන්ධනාගාර ඉඩම සංස්කෘතික හා සංචාරක ව්‍යාපෘති සඳහා අවුරුදු 50ක බදු පදනමට!

Admin

බදු ප්‍රතිශත ඩබල් වෙයි.. වෑන් ලක්ෂ 25කින්, හයිබ්‍රිඩ් ලක්ෂ 5කින් වැඩි වෙයි

colombotoday