Colombo Today Local News

අල්ලසක් ගත් අවස්ථාවේ සී.සී.ටී.වී දර්ශන ට‍්‍රාජ් සමුද්‍රා හෝටලයෙන් දෙන්නෙ නැතිලු

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට  රජය පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පැවරීමට අනුමැතිය ලබාදීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩලයේ හිටපු ප‍්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා රුපියල් මිලියන 20 ක අල්ලසක් ගත් අවස්ථාවේ සීසීටීවී කැමරා දර්ශන ලබාදෙන ලෙස ට‍්‍රාජ් සමුද්‍රා හෝටලයෙන් ඉල්ලීම් කළත් මේ දක්වා ලබාදී නැතැයි අල්ලස් කොමිසම කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය.

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සඳහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල්  මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක් අත්තිකාරමක් වශයෙන් ලබාගත් බව කියන සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණයේ කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්‍යක්‍ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා ඒ බව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළව ප‍්‍රකාශ කිහිපයක් ලබාගැනීමට අවශ්‍ය යැයි දැනුම් දුන් අසිත ඇන්තනි මහතා දුරකථන ඇමතුම් වලට අදාළ විස්තර වලින් කොටසක් ලබාගෙන තිබේ.

Related posts

අල්ලස් ලබාගෙන කොටු වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයා

Admin

කිඹුලා ඇලට වැටුණු BMW රියේ හිමිකරු අත්අඩංගුවට… වෛද්‍ය පරීක්ෂණයට අංගොඩ යවයි..

colombotoday

මගේ ජාතික නායකයා ප්‍රභාකරන් පමණයි

colombotoday

උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ළමා ශ්‍රමිකයන් ඉහළ යාමේ අවදානමක්

Admin

ගෙවල් කඩා උන්හිටිතැන් අහිමි කළැයි තොටළග වත්තේ මහ විරෝධයක්! – පාරවල් අවහිරයි

colombotoday

මැදමුලන රාජපක්ෂ සමාධියටත් FCID පනී

colombotoday