Colombo Today Local News

මගේ මතය ජනතාව පිළිගන්නවා.. මට ඡන්දෙ දෙන්නේ ඒනිසයි – රාජිත

මැයි 18 වැනි දින උතුර පළාත ජන සංහාරක දිනයක් ලෙස නම් කිරීමේ වැරැද්දක් නොමැති බවත්, හමුදාව විසින් සිවිල් වැසියන්ද ඝාතනය කළ බවට පිළිගනිමින් වෙළුපිල්ලේ ප්‍රභාකරන් මහත්මයෙකු යැයි, පසුගිය කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශයට විශේෂයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ දැඩි විරෝධයක් එල්ල විය.

තමන්ට එල්ලවන විරෝධය පිළිබදව අදහස් දක්වමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසන්නේ තමන් දරන මතය මේ රටේ ජනතාවට අනුමත කරන බවයි. තමන් වැඩි ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමට ඡන්ද දායකයන් කටයුතු කිරීම තුළින් ඒ බව පැහිදිළි වන බවයි.

තමන් මෙන්ම මේ රටේ ජනතාවද ජාතිවාදී නොවන බව පවසන අමාත්‍යවරයා කියා සිටින්නේ මෙරට තුළ ජාතිවාදය ඇති කරන්නේ මාධ්‍යවේදීන් හා දේශපාලකයන් බවයි.

Related posts

“නාකි වී හැරමිටියෙන් යද්දී දේශපාලනය කිරීම කැත වැඩක්” – චන්ද්‍රිකා

colombotoday

කොල්ලුපිටියේ මහ දවල් මංකොල්ලයක්.. රන්බඩුත් අරන් හොරු පනී

colombotoday

ඇත් පහරින් ගොවියා මරු දකී

Admin

වැලිසර වගේ මිනුවන්ගොඩ පොකුරත් ව්‍යාප්ත වෙන්න පුළුවන් : සුදත් සමරවීර

colombotoday

‍එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාව ගැන තවත් යෝජනාවක්

colombotoday

මෙන්න ජනාධිපතිගේ පෞද්ගලික ලේකම්

Admin