Colombo Today Local News

අගමැති රනිල් අවුරුදු තුනට 64 වතාවක් හෙළිකොප්ටරයෙන් දෙනියායේ ගිහින් !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙවුණු අවුරුදු තුන ඇතුළතදී හැට හතර වතාවක් මාතර,දෙනියාය මැතිවරණ කොට්ඨාශයේ සංචාරය කර ඇතැයි වාර්තා වේ.

ඒ හැට හතර වතාවේදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාතර,දෙනියාය බලා ගොස් තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් “Dell-414” දරන හෙලිකොප්ටර් යානයෙන් අරලිය ගහ මන්දිරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් හෙළිදරව් කළේය.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ කාලය ඇතුළත දී රටේ අනෙකුත් දිස්ත්‍රික්වල මැතිවරණ කොට්ඨාශවල තබා තමා නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශවලවත්, විශේෂයෙන් ඔහු නියෝජනය කරන මැද කොළඹ ආසනයේවත් හැට හතර වතාවක් නොව දහ වතාවක්වත් සංචාරය කර නැතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් පැවසීය.

එපමණක් නොව මේ කාලය ඇතුළත දී අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මේ වන තුරුත් සංචාරය කර නොමැති මැතිවරණ කොට්ඨාශ ඕනෑ තරම් තිබෙන බව ද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

උපුටා ගැනීම – lankanewsweek වෙබ් අඩවිය

Related posts

හමුදාව යොදවා උතුරේ කාණු සුද්ද කරන්න විග්නේශ්වරන් යෝජනා කරයි

colombotoday

පාසල් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි… සිසුවෙකුත් වත් සිසුවෙකුට පිහියෙන් ඇන මහමගදී මරා දමයි…

colombotoday

ජාත්‍යන්තරයට, අපට දුන් පොරොන්දු වහා ඉටු කරනු.. නැතිනම් වැඩ වරදී – සම්බන්ධන් රජයට අනතුරු අගවයි

colombotoday

සහරාන්ගේ බිරිඳ ඇතුළු 5ක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

දූෂිතයෙක් සභාපති කරයි?

Admin

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට සහතික මිලක්

colombotoday