Colombo Today Local News

බස් ගාස්තුව 15%කින් ඉහළට… ඉදිරි සතිය ඇතුළත වැඩි නොකළොත් වර්ජනයක් අනිවාර්යයි

ඉහළ දමනු ලැබූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තුවද වහාම ක්‍රියාත්මක වන පරිදි 15%කින් ඉහළ දැමීමට රජය අවසර දිය යුතු බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසයි.

රජය බස් ගාස්තු වැඩිවීමකට අවසර නොදුණහොත් සියලු බස් සංගම් ඒකරාශී කර බස් ගාස්තු වැඩිවීම වෙනුවෙන් අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද ඔහු පැවැසීය.

ඉන්ධන මිල ගණන් මෙවැනි විශාල අගයකින් ඉහළ දැමීම ප්‍රවාහන ක්ෂේත්‍රයට ඉතා තදින් බලපාන බවත් යහපාලන රජය බලයට පැමිණි දවසේ සිට ‍පොදු ප්‍රවාහනය වෙනුවෙන් කිසිවක් නොකළ බවත් අංජන ප්‍රියන්ජිත් මහතා කීවේය.

බස් ගාස්තුව ඉහළ දැමීම සඳහා ඉදිරි සතිය ඇතුළත ජාතික ගමනාගමන කොමිසම සහ ප්‍රවාහන අමාත්‍යාංශය ක්‍රියා කළ යුතු බව පැවැසූ අංජන ප්‍රියන්ජිත් මහතා ඒ පිළිබඳව තවදුරටත් ඉල්ලීම් ඉදිරිපත් කිරීමට බස් හිමියන් කටයුතු නොකරන බවද කීය. ඒ නිසා බස් ගාස්තුව වෙනුවෙන් ඉදිරි සතිය තුළ වර්ජනයකට අවතීර්ණ වීමට සියලු කටයුතු අද (11) සිටම සූදානම් කරන බවද හෙතෛම වැඩිදුරටත් පවසයි.

Related posts

යු ටියුබ් වෙත ඩොලර් මිලියන 170 ක දඩයක්

colombotoday

රජය හොර රහසේ ප‍්‍රදේශ වසා දමනවා දෙවැනි රැල්ල සඟවන්න.. තුන්වැනි රැල්ලත් එනවා

colombotoday

ආණමඩුව රථවාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට

colombotoday

35 දෙනෙකුගේ අත්සනින් කතානායකවරයාට ලිපියක්

colombotoday

කොරෝනා වෛරසයට ගොදුරු වූ තවත් පුද්ගලයෙක් පිලිපීනයේදි මියයයි

colombotoday

රජය දිගුකාලීන ඛනිජ තෙල් ගිවිසුමකට අත්සන් කරයි

Admin