World

ශ්‍රී ලාංකික පෙම්වතියට පහර දුන් නිව්යෝක්‌ නීතිපති ගෙදර යවයි

කාන්තාවන්ට හිංසා කළ බවට චෝදනා එල්ල වූ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ නිව්යෝක්‌ නීතිපති එරික්‌ ෂෙනී ඩර්මන් සිය තනතුරින් ඉල්ලා අස්‌ වී තිබේ.

“ද නිව්යෝකර්” සගරාව මගින් නීතිපතිවරයාට එරෙහිව චෝදනා හෙළි කර තිබිණි.

කාන්තාවන් සිව් දෙනකු මෙම චෝදනාව කළ අතර එයින් දෙදෙනකු නීතිපතිවරයාගේ හිටපු පෙම්වතියන්ය. හැට තුන් හැවිරිදි නීතිපතිවරයාගේ පෙම්වතියන් දෙදෙනා පවසන්නේ ඔහු තමන්ට පහර දුන් බවය.

එහෙත් නීතිපතිවරයා පවසන්නේ පහර දීමක්‌ සිදු නොවූ බවත්, ඔවුන් සම ලිංගික සම්බන්ධතා පැවැත්වූයේ ඔවුන්ගේ කැමැත්ත මත බවයි.

මෙම හෙළිදරව් කිරීමෙන් පසු නිව්යෝක්‌ ආණ්‌ඩුකාර ඇන්ඩෘ කුමෝ විසින් තනතුරින් ඉල්ලා අස්‌වන ලෙස නීතිපතිවරයාට දන්වන ලදී.

“කිසිවකු නීතියට උඩින් නැහැ. නිව්යෝක්‌ නගරයේ ඉහළම නීති නිලධාරියාටත් එය එලෙසමයි” යනුවෙන් ආණ්‌ඩුකාරවරයා පවසා තිබේ.

නීතිපතිවරයාගේ එක්‌ පෙම්වතියක්‌ වන ටාන්යා සෙල්වරත්නම් ශ්‍රී ලංකාවේ උපන් තැනැත්තියකි. ඇය ගත්කතුවරියක, නිළියක මෙන්ම අධ්‍යක්‌ෂවරියක ද වන්නීය. තමන් හැර ගියහොත් ඇය මරා දමන බවට නීතිපතිවරයා තර්ජනය කළ බව ද ඇතැම් අවස්‌ථාවල තමන්ට පහර දුන් බව ද ටාන්යා සෙල්වරත්නම් පවසා තිබේ.

Related posts

මුස්ලිම් ජාතිකයන්ට දෙන්නේ නෑ. අන්‍ය ජාතිකයන්ට පුරවැසිභාවය දෙන්න ඉන්දියාවෙන් පනතක් සම්මත කරයි.

colombotoday

ජනප්‍රිය බොලිවුඩ් ගායක KK මිය යයි

colombotoday

ඉස්ලාමය ගැන අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇත. – අත්අඩංගුවට පත් ඉස්ලාම් හැරගිය අනීෂ්ට අධිකරණයෙන් ඇප.

colombotoday

රුසියානු කාර්යමණ්ඩලය සහිත තවත් ගුවන් යානයක් කඩාවැටේ

colombotoday

ඇෆ්ගනිස්තානයේ පාලනය “ඉස්ලාමීය එමිරේට් රාජ්‍යය” ලෙස තබ්ලිග් ජමාත් මතධාරී තලේබාන් ත්‍රස්තයන්ට. “ඉල්ලා අස්වෙනු” ට්‍රම්ප් බයිඩන්ට කියයි.

colombotoday

චීනය තවත් කොවිඩ් මර්දන එන්නතක් නිපදවීමට සූදානම්

colombotoday