Colombo Today Local News

විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි – 20ට එරෙහිව පළමු වෙඩි මුරය අස්ගිරියෙන්

විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍ය බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද නා හිමියෝ ඊයේ (2) පැවසූහ. 

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද තමන්වහන්සේ විරුද්ධ බව කී උන්වහන්සේ එවක සිටි ජනාධිපතිවරයාට තිබූ වාතාවරණය හමුවේ එය ක්‍රියාත්මක කිරීමට සිදුවූ නමුත් එයට ද විධායක ජනාධිපති ක්‍රමය ආරක්‍ෂා කිරීමට අවශ්‍ය වගන්ති ඇතුළත් කර තිබූ බව සඳහන් කළහ.

තම තමන්ගේ බලය රැක ගැනීමේ න්‍යාය පත්‍රයෙන් දේශපාලනඥයන් ඉවත් විය යුතු බව කී උන්වහන්සේ මහ නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ඔවුන් පිළිගන්නේ ද යන්න ගැන සැකයක් පවතින බව ද කියා සිටියහ.

අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියන් මෙසේ පැවසුවේ ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත්ව විපක්‍ෂය හා එක්වූ එජනිස මන්ත්‍රීවරුන් 15 දෙනා ඊයේ (2) අස්ගිරි මහා විහාරය වෙත පැමිණ එහි මහ නා හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගත් අවස්ථාවේ ය.

Related posts

හිටපු ආරක්ෂක ලේකම් ගුවන්තොටුපළේ රදවාගෙන ප්‍රශ්න කරයි !

colombotoday

රාජ්‍ය වෛද්‍ය නිලදාරින්ගේ සභාපති දැඩි සත්කාරේ

colombotoday

ෆේස්බුක් සාදයේදී කොකේන් ඇද්ද ටෙලි නිළිය ඇතුළු 17ක් රිමාන්ඩ්

colombotoday

කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා වව්නියාවේ උද්ඝෝෂණ…

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරේ

colombotoday

ලක්ෂ 75 ක අයිස් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday