Colombo Today Local News

දැයේ දරුවන්ට පිදෙන සුරක්ෂා රැකවරණය තවත් පුළුල් වෙයි…

සුරක්ෂා සිසු රක්ෂණාවරණය මගින් පිළිකා, වකුගඩු රෝග ආදී රෝග සඳහාද ප්‍රතිලාභ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම රක්ෂණාවරණය මගින් ප්‍රතිලාභ හිමිවන බවට මතෛක් නම් කර තිබූ රෝගාබාධවලට අමතරව මෙම රෝග සඳහාද මෙලෙස ප්‍රතිලාභ ගෙවීමට තීරණය කර ඇත.

මෙම ප්‍රතිලාභ ලබාදීමේ අවස්ථා ඉහළ නංවන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා කරන ලද ඉල්ලීමකට අනුව මෙම පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එකඟ වී තිබේ.

සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ සම්බන්ධව වැඩිදුර විස්තර 0112 357357, 0113 641555 යන දුරකථන අංකවලට ඇමැතීමෙන් ලබාගත හැකිය.

Related posts

තෙල්දෙණියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

colombotoday

අගමැති ධුරය අතහරින්න සූදානම්

colombotoday

මෙරට ධීවරයන්ට කොරියාවේ රැකියා අවස්ථා

colombotoday

වෙලේ සුදාට මරණ දඬුවම අරන් දුන් රංගජීවට ඒ වෙනුවෙන් රු 75000ක් දීලා.

colombotoday

කවන්න ගිය නරක්වූ සහල් කිලෝ 5500ක් වටලයි

colombotoday

ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගන්න පාකිස්තානයේ සහය

colombotoday