World

රුසියාව ඉරානය සිරියාවේ වෙනුවෙන් එක් වෙති – යලිත් ගැහුවොත් ගෝලීය අර්බුදයක් අතළඟ – පුටින් අනතුරු අඟවයි

බටහිර රටවල් නැවත වරක් සිරියාවට ප්‍රහාර එල්ල කළහොත් ගෝලීය අර්බුදයක් ඇතිවනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි. 

ඇමෙරිකා එක්සත් ජනපදය රුසියාවට තවදුරටත් පීඩනයක් එල්ල කරමින් නව ආර්ථික සම්බාධක පනවන බවට නිවේදනය කර තිබෙන මොහොතක රුසියා ජනාධිපතිවරයා මෙලෙස අනතුරු අඟවා තිබේ.

රුසියානු ජනාධිපතිවරයා ඉරාන ජනාධිපති හසන් රොව්හානි සමඟ දුරකතන සංවාදය යෙදීමෙන් අනතුරුව ක්‍රෙම්ලීනය පුටින් ජනාධිපතිවරයා උපුටා දක්වමින් ඒ බව සඳහන් කර තිබේ.

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සිරියාවට එල්ල කරන ප්‍රහාරයෙන් සත් අවුරුදු සිවිල් යුද්ධයකින් පීඩා විඳින සිරියාවට සාමය සහ දේශපාලනික විසඳුමක් ගෙන ඒමට තිබූ අවස්ථාවට හානි සිදු වූ බව නායකයන් දෙදෙනාම ප්‍රකාශ කර ඇතැයි ද ක්‍රෙම්ලීනය සඳහන් කළේය.

“බටහිර රටවල් එල්ල කරන ප්‍රහාරයෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති උල්ලංඝණය වෙනවා. ඔවුන් නැවත නැවත එලෙස ප්‍රහාර එල්ල කළහොත් ජාත්‍යන්තර සමබඳතා දැඩි අර්බුදයකට යනවා.” යැයි පුටින් ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇතැයි ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

Related posts

ඇමරිකානු සම්බාධක නොතකා 5000km ක් දුර ඉලක්ක විනාශකළ හැකි මිසයිලයක් ඉරානය හදයි

colombotoday

අයිශ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කෝවිඩ් – 19

colombotoday

යෝධ ග්‍රහකයක් අද පෘථිවිය අසලින් යයි – ගමන් මඟ දශමයකින් වෙනස් උනොත් පෘථිවියට වෙන දේ…

Admin

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළට

Admin

යුරෝපයේ කොවිඩ් මරණ තවත් ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයන් අනතුරු ඇඟවයි

colombotoday

ලෝක බලවතාගෙන් රුසියාවට අනතුරු ඇගවීමක්

colombotoday