Colombo Today Local News

විදුහල්පතිනිය දණ ගැස්සවීමේ චෝදනා එල්ලවූ ඌව ප්‍රධාන ඇමතිට නැවතත් අධ්‍යාපනය බාර දෙයි

බදුල්ල දෙමල බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිදුවීමේ විමර්ශන අවසන්ව නොමැති වුවත් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට පළාත් අධ්‍යාපන අමාත්‍යධුරය නැවත ලබාදී ඇති බව වාර්තා වෙයි.

ලංකා ගුරු සංගමය විසින් ඊයේ (16) කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කරනු ලැබීය.

එහිදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සඳහන් කර සිටියේ විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිදුවීමේ අධිකරණ ක්‍රියාමාර්ග පවා අවසන්ව නොමැති පසුබිමක ප්‍රධාන අමාත්‍යවරයාට යළිත් අධ්‍යාපන අමාත්‍යධුරය ලබාදීම සදාචාර සම්පන්න ක්‍රියාවක් නොවන බවය.

එසේම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින්ද මේ සිදුවීමට අදාළ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මෙතෙක් එයද අවසන්ව නොමැත.

ඒ පසුබිමේ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට අධ්‍යාපන අමාත්‍යධුරය නැවත ලබාදීම සිදුවන විමර්ශන සඳහා බාධාවක් බවත් විදුහල්පතිනියට යුක්තිය ඉටුවීම සම්බන්ධව විශ්වාසයක් තැබීමට නොහැකි බවද ගුරු සංගම් සඳහන් කරයි.

කෙසේ වුවත් මේ සම්බන්ධව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ මීට මාසයකට පමණ පෙර පළාත් ආණ්ඩුකාරවරයා තමන් කැඳවා නැවත අධ්‍යාපන අමාත්යංශය භාරදුන් බවය.

Related posts

මරික්කාර්, මුජිබර්, සාලි මියන්මාර් තානාපති කාර්යාලය වටලා තග දමයි (Video)

colombotoday

බස් මංතීරුවේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කරනවාට බස් සංගම් විරුද්ධ වීමේ හේතු මෙන්න

colombotoday

සාලාව අවි ගබඩාව පිපිරීමේ පාඩුව කෝටි 1200 යි

colombotoday

මොනර කොළ බලනොපෑවොත් රනිල් අද රෑට ගෙදර…

colombotoday

විවාහ ආඥා පනත් තුන සංශෝධනය කිරීමට රතන හිමිගේ යෝජනාව අද පාර්ලිමේන්තුවට !

colombotoday

ඤාණසාර හිමිට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන 18කින් දැඩි බලපෑම් – බුද්ධ ශාසන ඇමති හෙළිකරයි

colombotoday