Colombo Today Local News

එජාපයේ සූක්ෂම සැලැස්මක් ගැන මනෝ හෙළි කරයි.. ‘දෙමළ‘ පාලන භාෂාවක් කිරීමටත් යෝජනා කෙරේ `

දෙමළ දේශපාලන පක්ෂ සහ දෙමළ නායකයින් ඉදිරියට පැමිණීම වැළැක්වීමට එක්සත් ජාතික පක්ෂය සූක්ෂමව කටයුතු කරන බවට ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා චෝදනා කරයි.

ඉදිරියට පැමිණෙන දෙමළ දේශපාලන පක්ෂ තමන්ට සහය දැක්විය යුතුය යන මතයේ එක්සත් ජාතික පක්ෂය සිටින බවත්, එය ඔවුන්ගේ උපායක් බවත් ඇමතිවරයා සදහන් කළේ ඊයේ යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංහෝධනය ලෙස දෙමළ භාෂාව පාලන භාෂාවක් බවට පත් කරන යෝජනාවක් තමන් ගෙන ඒමට කටයුතු කරන බවත්, දෙමළ ජනතාවගේ අනාගතය වෙනුවෙන් ආර් සම්බන්ධන් වගේම විග්නේෂ්වරන් එක්ව සාකච්ඡා කළ යුතු යැයිද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

Related posts

සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියට ලෝක බැංකුවෙන් අරමුදල් සපයා ගන්න අනුමැතිය

Admin

තවත් ගෑස් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණෙයි

colombotoday

වසරක් ඇතුළත භික්ෂූන් වහන්සේලා 81ක් සිරගත කරලා !

colombotoday

මේ අවස්ථාවේ දේශපාලන වාසි ගන්න දෙන්න එපා. හේතුව මුලිනුපුටා දමා ඵලය දෙස බලන්න – ඥානසාර හිමි

colombotoday

කවර තත්ත්වයක් යටතේවත් ගබ්සාව එපා – කතෝලික සභාව රජයට එරෙහි වෙයි

colombotoday

”හටිටි මුටිටි බෙදුවා…ඊ ළඟට සාස්පාන්.. සාරි.. සාරි බෙදන්න ගිහින් තව පොඩ්ඩෙන් ගුටි කනවා”

colombotoday