Colombo Today Local News

එජාප මහලේකම් ධුරය අකිලගෙන් ගිලිහෙන ලකුණු… අලුත් නමක් යෝජනා වෙයි

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය බාරගන්නැයි එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත්ව තිබෙන බව වාර්තා වේ.

එජාප මහලේකම් ධුරය සදහා අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම යෝජනා වී තිබුණද එජාප ප්‍රතිසංවිධානය සදහා දේශපාලන මණ්ඩල සාමාජිකයන් පත්කිරීමේ ඡන්දයේදී නවීන් දිසානායක මහතා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම හේතුවෙන් මෙම ඉල්ලීම ඉදිරිපත්ව ඇතැයි පැවසේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩිම ප්‍රසාදය දිනාගත් පුද්ගලයා අමාත්‍ය නවීන් දිසානායක මහතා වන බැවින් පක්ෂයේ මහලේකම් ධුරයට සුදුසුම පුද්ගලයා ඔහු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

මේ අතර නව මහලේකම් ධුරය සදහා හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර් මහතාගේ නමද යෝජනා වී ඇත.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට සහල් සඳහා උපරිම මිලක්

colombotoday

දුම්රිය ගමන්වාර 22ක් අවලංගුයි

colombotoday

සාදින්නාවල නිවසක් නායයයි

Admin

සේවා සගයින්ගේ නිරුවත් දසුන් පටිගත කළ වයඹ සරසවි ඇදුරා දැලේ!

Admin

දහම් පාසල් විෂයමාලාව සංශෝධනයට සැලසුම්

Admin

NGO ඒජන්තයාගේ වෙළඳ ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය !

colombotoday