Colombo Today Local News

දිනකට පාඩුව රු මිලියන 38යි… සිපෙට්කො ඉන්ධන මිළ ඉහළ දැමීම අනිවාර්යයි !

සිංහල අලුත් අවුරුද්දට පසු ඛණිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල අනිවාර්යෙන්ම වැඩිවනු ඇති බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කියා සිටී.

එහි ලේකම් උපාලි මාරසිංහ මහතා මාධ්‍ය වෙත කියා ඇත්තේ දැන්ට ඉන්ධන අලෙවියෙන් සංස්ථාවට දිනකට රුපියල් මිලියන 38ක පාඩුවක් සිදුවන බවයි.

ලංක ඉන්දීය තෙල් සමාගම විසින් පසුගියදා සිය බෙදුම්හල්වල ඉන්ධන මිල ඉහල දැමීමත් සමග තෙල් සංස්ථාවේ පාඩුව තව දුරටත් ඉහල ගොස් ඇත.

මේ හේතුවෙන් ඉන්ධන මිල සූත‍්‍රයක් කඩිනමින් හදුන්වා දීම රජයේ අවධානය යොමුව ඇත. මේ අතර මිල වැඩි කිරීම හේතුවෙන් ලංකා ඉන්දීය තෙල් සමාගමේ පිරවුම්හල්වලට පාරිභෝගිකයන් නොපැමිණීම නිසා ඒවායේ සේවක යැටුප් පවා ගෙවා ගත නොහැකි තත්වයක් උදා වී තිබේ.

මේ තත්වය ගැන ඉන්දීය තෙල් සමාගමේ නියොජතයන් රජයේ නියෝජිතයන් සමග සාකච්චා කිරීමට නියමිතය.

Related posts

ආචාර්ය අතුලසිරි සමරකෝන් RIC සාමාජිකත්වයෙන් ඉවත් වෙයි

colombotoday

ළමා දූෂකයන්ට මරණ දඩුවම…

colombotoday

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගැන අමාත්‍ය මණ්ඩලයේ අවධානය

Admin

ශ්‍රී මහා බෝ මලුව අඩියක් ගහන්න ඉල්ලු, ඩබ්. ජයසිරි ජනපති අතින් සම්මාන ගැනීමට බෑ කියයි

colombotoday

අගමැති හරිනි සහ කැබිනට් ඇමති විජිත රුව සහිත මුද්දරයක් නිකුත් කෙරේ

Admin

විස්‌සෙන් දෙන්නේ ඊලමයි

colombotoday