Colombo Today Local News

යුද හමුදා හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට..

හිටපු යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී, ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක, මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා අත්අඩගුවට ගෙන තිබේ.

මාධ්‍යවේදී කිත් නෙයාර් මහතා පැහැරගෙන යාමේ සිදුවීමට ආධාර අනුබල දීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් මෙම අත්අඩගුටවට ගැනීම පෙරේදා (05දා) සවස සිදුකර තිබේ.

ඔහු යුද හමුදා රෝහලට ඇතුළත් කර සිටියදී අත්අඩගුවට ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ යුද හමුදා රෝහලේ නේවාසිකව සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

අමල් කරුණාසේකර මහතා 2006-2009 කාලයේදී හමුදා බුද්ධි අංශ ප්‍රධානී ලෙස කටයුතු කළේය. අත්අඩගුවට ගැනීම පිළිබඳව ගල්කිස්ස මහේස්ත්‍රාත් වෙත දැනුම් දීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

කීත් නෙයාර් මහතා 2008.05.22 දින දෙහිවලදී පැහැර ගැනීමකට ලක්විය.

Related posts

පංති කාමරයට කොස්ගහක් කඩන් වැටී දරුවන් අටක් රෝහලේ…

Admin

රන්ජන් තනි සිරකුටියක රඳවයි

colombotoday

ඇමතිවරු පිරිවරා අගමැති බැදුම්කර කොමිසමට එයි !

colombotoday

බිළිඳෙකු සමග ළමුන්ට මත් පෙති විකිණූ කතක් අත්අඩංගුවට

colombotoday

රනිල් – සජිත් විශේෂ හමුවක් හෙට

colombotoday

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday