Colombo Today Local News

සමාජ මාධ්‍ය, වෙබ් අඩවි ඔස්සේ අසත්‍ය හා අපහාසාත්මක තොරතුරු පළකලොත් වැඩ වරදී – කැබිනට් තීරණය මෙන්න

සමාජ මාධ්‍ය ජාල, විවිධ වෙබ් අඩවි ඇතුළු ඉලෙක්ට්‍රොනික මාධ්‍ය සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු හා අපහාසාත්මක පළකිරීම් සිදු කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු ආයතනවලට නිර්දේශ ලබා දෙන ලෙසට අමාත්‍ය මණ්ඩලය දැනුම් දී තිබේ.

ඒ අනුව සමාජ මාධ්‍ය ජාල, විවිධ වෙබ් අඩවි ඇතුළු ඉලෙක්ට්‍රොනික මාධ්‍ය සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු බෙදාහරිනු ලබන සහ අපහාසාත්මක පළ කිරීම් සිදු කරනු ලබන තැනැත්තන්ට එරෙහිව පවතින නීතිමය රාමුව තුළ ගත හැකි පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කරන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යන ආයතන වෙත දැනුම් දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

Related posts

රටපුරා අපට අනුකම්පා රැල්ලක් ඇතිවෙලා… එයින් ප්‍රයෝජන ගතයුතුයි – හකීම්

colombotoday

හිටපු අමාත්‍යවරයෙකු රිය අනතුරකින් මිය යයි

colombotoday

රත්තරන් මිල තවත් නගී

colombotoday

මිහින්තලා රජ මහ විහාරස්ථානයේ විදුලිය විසන්ධි කරයි

Admin

පැය අටේ වැඩමුරය ජයගත් 137 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

Admin

හම්බන්තොට දළු දමන අලුත් පවුල් ගස

Admin