Colombo Today Local News

එජාප මන්ත්‍රී ආබාධිත සෙබළාට අතින් පයින් ගුටි අනී.. ගහපු හේතුව පොලිසියේදී හෙළිවෙයි…

විශ්‍රාමික හමුදා භටයකුට පහර දුන්නේ යෑයි කියන සිද්ධියකට සම්බන්ධ ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය සභාවට තේරී පත්ව සිටින එ.ජා.ප මන්ත්‍රීවරයකු 31දා පස්‌වරුවේ සැකපිට ගලෙන්බිඳුනුවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ යකල්ල කරුවලගස්‌වැව පදිංචි ශාන්ත සුමනසිංහ 42 නමැති විශ්‍රාමික ආබාධිත හමුදා භටයකු වන දෙදරු පියෙකි. ඔහු මේ වන විට අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ 14 වාට්‌ටුවේ ප්‍රතිකාර ලබයි.

පසුගිය 30 වැනි දින සවස 3.30 ට පමණ තමාගේ කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී යකල්ල ගල්කුලම හන්දියේදී යතුරුපැදියක්‌ මග හරස්‌කොට තමාගේ වාහනය නවතා කැබ් රථයේ අලවා තිබූ මහින්ද මහතාගේ ඡායාරූපය ඉරා විසිකර තමනට අතින් පයින් පහර දුන් බව පහර කෑමට ලක්‌වූ මෙම ආබාධිත හමුදා භටයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ගලෙන්බිඳුනුවැව පොලිස්‌ ස්‌ථානාධිපති සුජීව කුමාර මහතා ඇතුළු පොලිස්‌ නිලධාරී කණ්‌ඩායමක්‌ පහර දුන්නේ යෑයි කියන ශාන්ත බණ්‌ඩාර නමැති එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා 31දා අත්අඩංගුවට ගෙන තිබිණි.සැකකාර මන්ත්‍රීවරයා ඊයේ 01 දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Related posts

ගම්මිරිස් අමු ඇට කිලෝව 140 යි වේලපු ඇට කිලෝව 400 යි.. වගකිවයුත්තන්ට නොදැනෙන ගම්මිරිස් ගොවියන්ගේ දුක හිතෙන කතාව

colombotoday

පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

අසාද් සාලි අත්අංගුවට

colombotoday

අධ්‍යාපනයට මුදල් වෙන් කළත් වැඩක් වෙලා නෑ.. ජනපතිගෙන් අකිලට රතු එළියක් !!

colombotoday

මහ වැස්සේ කාණුවට වැටුණු තිදරු මවක් මරු දකී

colombotoday

වන සතුන් නිසා වාර්ෂිකව 40% ක වගා හානියක්

colombotoday