Colombo Today Local News

දකුණේ සිදුවන බල පෙරලිය දෙමළ ජනතාවට අවාසියි….ආණ්ඩුවට කෙලෙහිගුණ දක්වන්නත් තියනවා…විශ්වාසභංගය ගැන TNA මතය කියයි

දකුණේ ඇති වි තිබෙන දේශපාලන අර්බුදය සමග ආණ්ඩු පෙරලියක් සිදු වුවහොත් එය දෙමළ ජනතාවට අවාසියක් වන බැවින් ඒ පිළිබඳව කල්පනා කොට විශ්වාසභංග යෝජනාවට ඡන්දය ප්‍රකාශ කරන බව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි මවේ සේනාධිරාජා පවසනවා.

අගමැතිවරයාට එරෙහිව ඇති විශ්වාසභංගය පිළිබඳව දෙමළ සන්ධානයේ මතය පිළිබඳව මාධ්‍යවේදීන් මන්ත්‍රිවරයාගෙන් විමසු අවස්ථාවේ එයට පිළිතුර් දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

දෙමළ සන්ධානය වීසින් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව විශ්වාසභංගය පිළිබඳව තීරණය කරන බව මන්ත්‍රිවරයා සඳහන් කළා.

“මේ ඉදිරිපත් වෙලා තියෙන විශ්වාසභංගය ගැන අපි දෙවැනිදා හෝ තුන් වෙනිදා තීන්දුවක් ගන්නවා. ඊට පෙර අපි ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද දකුණේ මේ ඇතිවෙලා තියන දේශපාලන අස්ථාවර බව එක්ක ආණ්ඩු පෙරලියක් හෝ බල පෙරලියක් සිදු වුහොත් එමගින් දෙමළ ජනතාවට අවාසියක් සිද්ධ වේවි. අපි මෙහිදී සඳහන් කළ යුතුයි මේ රජය අපිට ගොඩාක් උදව් කරලා තියනවා. සමහර අවස්ථාවල සහයෝගය දීලා තියෙනවා. ඒ සියල්ල ගැන සලකා බලලා තමයි අපිට තීරණයක් ගන්න වෙන්නේ.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

Related posts

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවටය අත පොවයි.. මෝදි නොර්වුඩ්වල නොසන්ඩාල වැඩක !

colombotoday

නාගනන්ද සහ බොදු බලේ මුහුණට මුහුණ ගැටෙයි

colombotoday

පුදුකුඩිඉරිප්පුහි වෙඩි තැබීමක්

colombotoday

සාමනේර හිමිනමක් ළිඳකට වැටී අපවත් වෙයි

Admin

උසස් පෙළ අයදුම්පත් සංශෝධන කාලය දීර්ඝ කෙරේ…

Admin

කතෝලික ආගමට එල්ල කල මිනීමැරුම් චෝදනා මම ඉවත්කර ගන්නේ නෑ – මංගල දැඩි ස්ථාවරයක

colombotoday