Colombo Today Local News

ඡන්ද පහක් ගන්න බැරි, සත පහකට වැඩක් නැති මේ ඇමතිලත් එක්ක එජාපයට ගමනක් නෑ – වසන්ත සේනානායක

ප්‍රධාන අමාත්‍යංශ ලැබී තිබෙන ඩී. එම්. ස්වාමිනාදන්, මලික් සමරවික්‍රම සහ තිලක් මාරපන වැනි අමාත්‍යවරුන්ගෙන් එක්සත් ජාතික පක්ෂයට සත පහක සේවයක් නොමැති බවත් ඔවුන් පෙරමුණේ තබාගෙන තවදුරටත් ගමනක් යාමට පක්ෂයට නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක චෝදනා කරයි.

විද්‍යුත් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම චෝදනාව එල්ල කළ අතර අදාළ අමාත්‍යවරුන්ට ප්‍රබල අමාත්‍යංශ ලැබීමට එකම සුදුසුකම වන්නේ පක්ෂ නායකයාගේ හිතවත්කම පමණක් බවද පැවසීය.

එසේම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඒමට හැර එම එක් අයෙකුටවත් ජන්ද 5ක් ලබාගත නොහැකි බවත් පක්ෂය තුළ ප්‍රතිසංස්කරණ සිදුකරන බව පවසමින් බොරු කළාට ජනතාව හමුවට යාමට නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

එසේම පක්ෂය තුළ ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බව මතුකරන කණ්ඩායම් කිහිපයක් සිටින බවත් එයින් සමහර කණ්ඩායම් පක්ෂය අභ්‍යන්තරයේ පමණක් නොව පක්ෂ නායකත්වයද වෙනස් විය යුතු බවට දැඩි ස්ථාවරයක සිටින බවද අමාත්‍යවරයා එහිදී අනාවරණය කර ඇත.

කඩිනමින් මේ තත්ත්වය වෙනස් කර පක්ෂය ප්‍රතිසංවිධානයක් සිදුනොකළහොත් එම කණ්ඩායම් විවිධ පැති වලට යාමේ අවධානමක් ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

Related posts

රාජ්‍ය සහ පෞද්ගලික මට්ටමින් බීජ සහ පැළ නිෂ්පාදනයට හා වැඩි කෘෂි අස්වැන්නකට ජනපතිගෙන් යෝජනා

colombotoday

හිටපු ඇමති කුමාර වෙල්ගම අල්ලස් නඩුවෙන් නිදහස්

colombotoday

රත්ගම ප්‍රාදේශීය සභාවේ අය වැය සම්මතයි

colombotoday

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 75%කගේ රැකියා අහිමිවීමේ අවදානමක්

colombotoday

ඇමැති ඩිලාන් පෙරේරා රජයේ මුදල් කෝටි 14ක් කාබාසිනියා කරලා

colombotoday

අභිරහස් ලෙස මියගිය අවුරුදු 25 ක සද්ධන්තයා

colombotoday